පිළියන්දල පොලීසිය පක්ෂග්‍රාහී වූ බවට චෝදනාවක්!

පිළියන්දල පොලිසිය එකම පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පක්ෂපාතිව අංශ දෙකකින්  පරීක්ෂණ පවත්වා  අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පිළියන්දල පොලිසියට එරෙහිව තරුණයෙකු විසින් පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙසේ පැමිණිලි කර ඇත්තේ කසුන් තිවංක වික්‍රමසිංහ නම් තරුණයෙකි. ඔහුගේ බිරිඳ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයක සේවය කරනු ලබයි.

ඔහු කියා සිටින්නේ සිය බිරිඳත් සමඟ ජනවාරි 09 දා ඇති වු ආරවුලක් මත බිරිඳ  පිලියන්දල පොලිසියට පැමිණිලි කර තිබු බවය. ඒ අනුව පිළියන්දල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ අංශයේ නිලධාරීන් විසින් තමන්ට දැනුම් දුන් පරිදි ජනවාරි 15 දා පොලිසියට ගොස් ඔහු ප්‍රකාශයක් ලබා දී ඇත.

දරුවාගේ අයිතිය සඳහා  තාවකාලිකව භාරකාරත්වය වෙනුවෙන් ජනවාරි මස 19 දින කැස්බෑව අධිකරණයේ 98/21 අංක දරන නඩුවක් ඔහුට ගොනු කර ඇත.

මේ අතර පිළියන්දල පොලිසිය විසින් නැවත 21 වෙනි දින කසුන්ව සොයාගෙන පැමිණ කියා ඇත්තේ ඔහුට විරුද්ධව 71/21 අංකයෙන් කැස්බෑව අධිකරණයේ  නඩුවක් ඇතිබවත්, ඊට මේ මොහොතේ අත්අඩංගුවට ගැනීමට හැකි බවත් ඒ නිසා කරුනාකර කැස්බෑව අධිකරණයේ පෙනීසිටින ලෙසය.

මෙහිදී කසුන් පවසා ඇත්තේ කලින් තමන් පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබා දුන් බවත් එහිදී අධිකරණ ක්‍රියාවලියක් ඇති බව තමන්ට දැනුම් දුන් නැති බවත්ය. කෙසේ නමුදු ඒ අවස්ථාවේ කසුන් විසින් ඔහුගේ පුද්ගලික නීතී උපදේශට කතා කර  කැස්බෑව අධිකරණය මඟින් නඩු වාර්ථාවක් ඉල්ලා ඇත. එවිට පිළියන්දල පොලිසිය මඟින් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් කර ඇති බව දැන ගැනීමට හැකි වී ඇත.

98/21අංක දරන නඩුව පෙබරවාරි මස 2 දින කැස්බෑව අධිකරණයේ විමසු අවස්ථාවේ  එදින පිලියන්දල පොලීසියේ කාන්තා නිලධාරීනියක්  අධිකරණය නිම වූ වහාම එන ලෙස පැවසු බවත් ඇයි  කියා ඇසුවිට කට උත්තරයක් ගැනීමට යැයි පැවසු නිසා පොලීසියට ගිය බවද කසුන් පවසා සිටියි.

ඒ අවස්ථාවේ පොලීසියේ ස්ථානාධිපතිවරයා  නොමැති බව පවසා පෙබරවාරි මස 3 වන දින නැවත පැමිනෙන ලෙස පවසා ඇති අතර ඒ අනුව නැවත පෙබරවාරි මස 3 උදේ 8 ට පිලියන්දල පොලීසියට ගිය විට කාන්තා නිලධාරීයක් විසින් තමන්ගේ  ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු පිටවයෑමට සූදානම් වන විට මා සොයා නිවසට පැමිණි ලලිත් නම් නිලධාරීයා පැමින අත්අඩංගුවට ගත් බව ඔහු කියා සිටියි.

ඇයිද කියා ඇසූවිට 71/21 නඩුවට කියා ඔහු පවසා ඇති අතර තමන් එම අවස්ථාවේ සිය සහෝදරයෙකු පොලිසියට ගෙන්වා ගැනිමෙන් පසු කැස්බෑව  අධිකරණය වෙත ඉදිරිපත් කීරිමෙන් අනතුරුව 100000ක ශරීර ඇප මත නිදහස් කළ බවද කියා සිටියි.

තමාගේ බිරිදට විරුද්ධව  මිතුරියක් tell igp වෙත ඉදිරිපත් කල  පැමිනිල්ලකට  පිලියන්දල පොලීසියේ නිලධාරීන් ඇය අමතා විමසා ඇත්තේ ..”අපේ පොලිසියේ කෙනෙක්ට විරුද්ධව “පැමිනිල්ලක් දැම්මාද ලෙස බවත් එමගින්ද පිලියන්දල පොලීසියේ පක්ශපාතී බව මනාව පැහැදිලි වෙන බවත් කසුන් ලිපියෙන් පෙන්වා දී ඇත.

එකම සිදුවීමක් සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය ක්‍රම දෙකක් ඔස්සේ කටයුතු කරමින් තමාව අපහසුතාවයට පත් කර මානව හිමිකම් අල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් කරුණු 08 ක් යටතේ කසුන් මෙම පැමිණිල්ල සිදු කර ඇත.

එමෙන්ම මෙහි පිටපත් ඔහු ජේෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති පරිපාලන, ජේෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර, ආරක්ෂක ලේකම් හා ජාතික පොලිස් කොමිසම වෙතද යොමු කර ඇත.

Social Sharing
නවතම