පොලීසිය සිදු කරන වධහිංසා සම්බන්ධ පැමිණිලි 90% කින් අඩු වෙලා! – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොලීසියට කිසිම අවස්ථාවක, කිසිම හේතුවක් මත සාමාන්‍ය පුද්ගලයෙකුට පහර දිය නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නමුත් පුද්ගලයෙකුට පොලීසිය පහර දිය හැකි අවස්ථා ඇති තිබෙන බවද එය දණ්ඩ නීතී සංග්‍රහයේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නම් පරිච්ඡේදයක් 89 වෙනි වගන්තියේ සිට 99 වෙනි වගන්තිය දක්වා අවස්ථා පැහැදිලිව සඳහන් කර තිබෙන අතර අපරාධ නඩු විධාන සංග්‍රහයේ 23 වෙනි වගන්තියේද සඳහන් කර ඇතැයි ඔහු පෙන්වා දෙයි.

යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදි ඔහු හෝ ඇය ප්‍රතිරෝධය දක්වන්නේ නම් අවම බලය පාවිච්චි කර අත්අඩංගුවට ගත් හැකි බවත් අත්අඩංගුවට ගැනීමට යමේදී තමන්ගේ ආරක්ෂාවට හෝ මහජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් වන අවස්ථාවකදී එය මරණය දක්වාම පාවිච්චි කළ හැකි බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

එසේ නොමැතිව වෙනත් අවස්ථා වල ප්‍රශ්න කරන්න, අපරාධ විසඳන්න ආදියට පහර දීම අනුමත නොකරන බවත් නමුත් අත්අඩංගුවට ගන්නා බහුතරයක් පවසන්නේ පොලිසිය තමන්ට ගැසු බවත් එය හුදෙක් ලේසිම ක්‍රමය බවත් න් පොලිසියට චෝදනා කර තමන් අත්අඩංගුවට ගත් චෝදනාවෙන් මිදෙන්න ගන්නා උත්සහයක් බවද ඔහු කියා සිටියි.

සැකකරුවන්ට පහර නොදෙන ලෙස පොලිස් නිලධාරීන් දැනුවත් කළද සියයට එකක්, දාහට එකක් වැනි ප්‍රමාණයක් පහර දෙන පිරිස අතර සිටිය හැකි බවත් 2000 සිට 2005 දක්වා කාලය තුල පොලිසියට එල්ල වූ වධ හිංසා කිරීම් සම්බන්ධ නඩු/ පැමිණිලි අද වන විට 90% කින් අඩු වී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ තොරතුරු හෙළි කර සිටියේ පෞද්ගලික රූපවාහීනි නාලිකාවක හා පැවති වැඩසටහනකදීය.

ශානි-

Social Sharing
නවතම