මහරගම පොලිස් නිලධාරියාගේ උම්මත්තක ක්‍රියාව මවිතියට හේතුවක් නොවේ! – නීතිඥ බැසිල් ප්‍රනාන්දු

මහරගම පොලිස් නිලධාරියාගේ උම්මත්තක ප්‍රහාරය දෙස බලා සිනාසීම නොව අප ඇඬිය යුතු බව  ආසියානු මානව හිමිකම් කොමිසමේ හොංකොං අධ්‍යක්ෂ, නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි.

මහරගම පොලිස් නිලධාරියාගේ උම්මත්තක ක්‍රියාව කාගෙත් මවිතියට හේතු වී ඇති අතර නමුත් එය මවිතියට කරුණක් නොවන බවද ඒ මහතා පවසයි.

මෙහි එකම වෙනස මහ පාරේ සිදුවීමත් එය වෙනත් අයට දැක ගැනීමට ලැබීමත් පමණක් යැයිද ඔහු අවධාරණය කර සිටියි.

සෑම පොලිස් ස්ථානයකම, සෑම දිනකම රඟ දක්වන ජවනිකාව මීට වඩා වෙනස් එකක් නොවන බව පෙන්වා දෙන ඔහු පවසන්නේ ඒ තරම් අශිලාචාර මට්ටමක ශ්‍රී ලංකා පොලිසිය පවතින බවය.

මෙය නිලධාරියෙකුගේ වැඩක් පමණක් සලකා ඔහුගේ වැඩ අත්හිටුවීමෙන් පමණක් මෙම ගැටලුවට නිසි විසඳුමක් නොලැබෙන බවත් මෙය සමස්ත පොලිසියම පිලිබඳව මෙන්ම සමස්ත අධිකරණය පිලිබඳ ප්‍රශ්නයක් යැයි ද ඔහු කියා සිටියි.

උන්මාදය වු රට පුරා නීතිය පසඳීලිමේ තත්ත්වයක් නිර්මාණය වුයේ අද ඊයේ පටන් නොවන බව පෙන්වා දෙන බැසිල් ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙය වසර ගණනාවක සිටම පවතින බවය. එය දිනෙන් දින වැඩි වෙනා විනා නතර කිරිමට කිසිවෙකුත් සමත් වී නැති බව පවසන ඔහු පෙන්වා දෙන්නේ ජාතික ආරක්ෂාවක් ගැන කථා කළද ජනතාවගේ ආරක්ෂාව ගැන පෙන්වන කිසිදු සාධකයක් නොමැති බවය.

මෙවන් උම්මත්තක, නීතිය අකර්මණ්‍ය කරන ත්ත්වය බොහෝ අයට හොඳ බවත් විශේෂයෙන් දේශපාලකයින්ට රාජ්‍ය දේපල භාවිතා කරමින් දුෂණයේ යෙදීම සඳහා ඉතාමත් හොඳ වාතාවරණයක් බවද ඔහු කියා සිටියි.

මේ නීතිය නැතිකමින් සමර අයට ඉඩම් වලින් එළියට වැටීමට සිදුව ඇතැයිද, තවත් අය සුලු සුලු ආරවුල් වලට බෙලි කැපීමට සුදානම්ව ඇතැයිද පෙන්වා දෙන ඔහු පවසන්නේ ඒ ප්‍රශ්න විසඳිමට සැකසු ක්‍රමවේදයන් දැන් ක්‍රියාත්මක නොවන බවය.

මෙයට පිළියමක් ලෙස නම් නීතිය පිලිබඳ ගැඹුරු සාකච්ඡාවක් වහාම කැඳවිය යුතු බවද එය රජයේ යුතුකමක් බවද ඔහු අවධාරණය කර සිටියි.

මේ අවස්ථාවේදි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටද විශාල කාර්යයක් පැවරී ඇති බව පවසන ඔහු කියන්නේ එම කොමිසමට විශේෂ පරික්ෂණයක් මේ පිලිබඳව ඉල්ලා සිටිය හැකි බවය.

සිවිල් සමාජයට මේ පිලිබඳ විශේෂ වගකීමක් ඇතැයි පෙන්වා දෙන බැසිල් ප්‍රනාන්දු මහතා පවසන්නේ පොලිසිය පිලිබද ජනතාවගේ කළකිරිම විශාල බවත් ඒ නිසා කඩිනම් පොලිස් ප්‍රතිසංස්කරණයකට යා හැකි බවය.

පාර පාලනය කරන්න පොලිසියට බැරුව සිටියදි ජනතාව එය අතට ගනිමින් සිටින බවත් මෙය බලා සිනාසිය යුතු සිද්ධියක් නොවන බවත් මෙය බලා ඇඬිය යුතු සිද්ධියක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

Social Sharing
නවතම