Pfizer එන්නත අනිද්දා සිට බ්‍රිතාන්‍යයන්ට

ඇමරිකා ඒක්සත් ජනපදයේ ෆයිසර් සමාගම විසින් නිපදවනු ලැබූ කොරෝනා මර්ධන ඒන්නත ලබන අගහාරුවාදා සිටි බ්‍රිතාන්‍ය ජාතිකයින්ට ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව බෙල්ජියමේ සිට ආනයනය කරනු ලැබු ඒන්නත් මාත්‍රා විශාල ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය විසින් ගෙන්වා ගෙන ප්‍රසිද්ධ නොකළ ස්ථානයක ගබඩා කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

කෝවිඩ් 19 සම්බන්ධව පර්යේෂණ කරනු ලබන ආයතන කිහිපයක් විසින් ඒන්නත් කිහිපයක් නිෂ්පාදනය කරනු ලැබුවත්, ඉන් ෆයිසර් සමාගම විසින් නිපදවනු ලැබූ ඒන්නත කොවිඩ් මර්ධනය සදහා 95%ක ආරක්ෂාවක් සපයන බවට තහවුරු කර ගෙන  තිබේ. බ්‍රිතාන්‍ය විසින් සොයාගත් ගත් තවත් ඒන්නතක් වන Oxford එන්නත තහවුරු කර ඇත්තේ 70%ක පමණ ආරක්‍ෂාවක් සපයන බවයි.

Pfizer එන්නත සහ Oxford යන ඒන්නත් දෙකම අදියර දෙකකින් ශරීරගත කළ යුතු බව පැවසෙන අතර, ෆයිසර් ඒන්නත සෙල්සියස් අංශක සෘණ 70 (-70 C) තරම් අවම උෂ්ණත්වයක ගබා කළ යුතු බව වාර්තා වේ. නමුත් Oxford එන්නත සාමාන්‍ය ශීතකරණයක (-20 /-25 C)  ගබඩා කර තැබිය හැකි එන්නතකි.

මේ අතර තවත් සාර්ථක ඒන්නතක් ඇමරිකා ඒක්සත් ජනපදයේ Moderna සමාගම නිෂ්පාදනය කර ඇති බව වාර්තා වේ. ඒම ඒන්නතත් අදියර දෙකකින් ලබා දිය යුතු බව වාර්තා වන අතර, එහි ඵලදායීබව 95%ක් පමණ වන බව තහවුරු කරගෙන තිබේ. ඒම ඒන්නත සෙල්සියස් අංශක සෘණ 20ක (-20C) උෂ්ණත්වයක් යටතේ මාස හයක කාලයක් ගබඩා කර තැබිය හැකිය.

කෙසේ හෝ බ්‍රිතාන්‍ය විසින් ලබන අගහාරුවාද (8) සිට ඒරට පුරවැසියන් වෙත ලබා දීමට නියමිත ෆයිසර් ඒන්නත මුලින්ම සුරක්ෂිත නිවාසවල සේවකයින්ට, වයස අවුරුදු 80 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ මුල් පෙළ සෞඛ්‍ය සේවකයින්ට මුල් අදියරයේදී ලබා දීමට සූදානම් කර ඇති බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය තුළ මේ වන විට කොරෝනා වෛරසය ආසදනය වූවන් 1,705,971 ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, ‌මෙම වෛරසය ශරීරගත වීම නිසා බ්‍රිතාන්‍යයන් 61,014  මිය ගොස් තිබේ. ඊයේ දිනයේ පමණක් රෝගීන්  15,539 ප්‍රමාණයක් ඒරටින් වාර්තා වූ අතර ඉන් 397 පිරිසක් ඊයේ දිනයේ පමණක් මියගොස් තිබේ.

Social Sharing
නවතම විදෙස්