PCR පරීක්ෂාවකින් නව ප්‍රභේද හදුනා ගැනීමේ හැකියාවක් නැහැ! – රවී කුමුදේශ්

නව ප්‍රභේද හදුනා ගැනීමට PCR පරීක්ෂණ මගින් හදුනා ගන්න වෛරස නිදර්ශක ජාන අනුක්‍රමික විෂ්ලේෂණයකට ලක් කල යුතු අතර  ඒ සදහා ජාන අනුක්‍රමික විෂ්ලේෂක යන්ත්‍ර අත්‍යාවශ්‍ය වන නමුත් පුදුමයට කරුණ වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සතු එකම රසායනාගාරයකටවත් ජාන අනුක්‍රමික විෂ්ලෙශක යන්ත්‍රයක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වීම බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

කොරෝනා පවුලේ වෛරස සාමාන්‍යයෙන් ම නව ප්‍රභේද සෑදීමේ ප්‍රවණතාවක් සහිත වන බැවින් නව ප්‍රභේද හඳුනා ගැනීමට අත්‍යවශ්‍ය ජාන අනුක්‍රමික විශ්ලේෂණ යන්ත්‍ර බණ්ඩාරනයක ජාත්‍යන්තර ගුවන් තොටුපලට සහ මුල්ලෙරියාව හෝ වෛද්‍ය පර්යේෂණ ආයතනයට ඉල්ලමින් සිටින්නේ පසුගිය අප්‍රේල් මාසයේ සිට වුවත් මෙම යන්ත්‍ර මිලදී ගැනීම සඳහා ලෝක බැංකු ආධාර මෙරට  යුනිසෙෆ් ආයතනය ප්‍රසම්පාදන කටයුතු පවා අවසන් කර තිබූ අවස්ථාවක “කොරෝනා දැන් ඉවරයි” පවසා  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් මුලින්ම එම අවස්ථාව මඟ හැරී බව ඔහු කියා සිටියි.

ලංකාවේ ඉන්න සියළුම වෛරසවේදීන් රජයේ රෝහල් වල සේවය කරමින් සිටියදී රජය අධ්‍යාපන අමාත්‍යාංශ රසායනාගාරයකට ජාන අනුක්‍රමික විෂ්ලේෂක යන්ත්‍රයක් ලබා දී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශය, ඒකෙන් වැටුප් ලබන වෛරසවේදීන් පවා ඒ පිළිබදව ලැජ්ජා විය යුතු බව රවී කුමුදේශ් මහතා පවසයි.

සාමාන්‍ය PCR පරීක්ෂණයකින් ප්‍රභේද සොයා ගත හැකි බවට පසුව රට රවට්ටන්න ගන්න බවද වසංගත අංශය සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ යන්ත්‍රයක් අවශ්‍ය නැහැ කියන්නේ  වෛද්‍ය රසායනාගාර සේවාවේ කාගෙන් උපදෙස් අරගෙනද කියන එක ඔහු විමසා සිටියි.

රටට ඇතුලුවන ආගමනිකයින් පරීක්ෂාවට ලක් කරන, ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිහිටුවා ඇති සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාරයට, අවශ්‍ය ඕනෑම මොහොතක ජාන විෂ්ලේෂණයක් සිදුකිරීමේ හැකියාව තියෙන්න ඕනේ නැහැ කියන සෞඛ්‍ය බලධාරියෙක් ඉන්නවානම්, ඔහුට විශාල අසනීපයක් තිබිය යුතු බව පෙන්වා දෙන රවී කුමුදේශ් පවසන්නේ  නව රෝග ලක්ෂණ හෝ නව ප්‍රවණතාවයන් පෙන්න්වමින් රට තුළ ක්‍රියාකාරී වන කොරෝනා පොකුරු හඳුනා ගන්නා මූලික අවස්ථාවේදීම ජාන අනුක්‍රමික විශ්ලේෂණයක් මගින් ආසාදිතයින්ගේ නිදර්ශක වැඩිදුර අධ්‍යනය කිරීම අත්‍යාවශ්‍යයෙන්ම කල යුතු බවය.

අනිත් අතට මෙම යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාර වලට අවශ්‍ය කොරෝනා සදහාම පමණක් නොවන බවත් සෞඛ්‍ය බලධාරීන් අවබෝධ කර ගත යුතු යැයිද  ඔහු අවධාරණය කර සිටියි.

Social Sharing
නවතම