“PCR පරීක්ෂණ” දඬුවමක් ලෙස සමාජගත කරන්න එපා! – රවි කුමුදේශ්  

බස්නාහිර පළාතේ මුඛ ආවරණ නොපලදීන  මහජනතාවට  නිරෝධායන රීතින් යටතේ  නීතිය ක්‍රියාත්මක කරන බවත්, ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සහ PCR පරීක්ෂණ වලට ලක්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ පහුගිය 05 දාය.

එතැන් සිට මේ ගත වු දින තුනක කාලය තුල බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුම් සිදු කර මුඛ ආවරණ නොපැලදි 1960 ක් සඳහා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් 1022 ක් ද , PCR පරීක්ෂණ 832 ක් සිදු කර ඇතැයිද ඒ මහතා පවසයි. රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ වලින් 19 කු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

තවදුරටත් මේ මෙහෙයුම් සිදු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පවසයි.

මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටින්නේ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සහ PCR පරීක්ෂණ වලට ලක්වීම, දඩුවමක් ලෙස සමජ ගතවීම, සෞඛ්‍ය සේවාවෙන් හා රසායනාගාර ක්‍රම වෙද ජනතාවගෙන් ඈත් කරවීමට හේතු විය හැකි බවය.

සෞඛ්‍ය සේවාවේ ක්‍රමවේදයන් සහ නිර්මිතයන් එලෙස පොලිසිය හෝ වෙනත් පාර්ශවයන් විසින් දඬුවම් ලබාදීමේ ඒකක ලෙස භාවිතා කිරීම මගින් සෞඛ්‍ය සේවාව පිළිබඳව මහජනතාවට ඇති බැඳීම පලුදු වන බවද  සමාජය තුළින් තෝරා ගන්නා ඕනෑම නියැදියක්, අහඹු පරීක්ෂණ ක්‍රියාවලියට ලක් කිරීම මේ මොහොතේ වසංගතය පාලනය පිළිබඳව විද්‍යාත්මක නිර්ණායක ලබාගැනීමට වැදගත් වන නමුත් එම කිසිදු අවස්ථාවක එම නිර්ණායක ලබාගැනීම මහජනතාවට ලබා දෙන දඬුවමක් ලෙස ක්‍රියාත්මක නොවිය යුතු බව ඔහු පෙන්වා දෙයි.

PCR testing is not a punishment Ravi Kumudesh“මුඛ ආවරණ නොපළඳින මහජනතාවට කොවිඩ් අසාධනය වී ඇත” යන වැරැදි මතවාදය එමගින් සමාජගත වීමට ඉඩ නොතැබිය යුතු අතර, එහිදී මුඛ ආවරණ පැළඳීම හෝ නොකිරීමට වඩා, සමාජය තුළ අහඹු ලෙස ආසාදිතයන් ව්‍යාප්තව තිබීම පිළිබඳව බරපතල අවධානය යොමුවිය යුතු බවත් මෙම දත්තයන් පාවිච්චි කර සමාජය තුළ කෙතරම් දුරට මෙම රෝගය ව්‍යාප්ත වී ඇද්ද යන්න තහවුරු කර ගනිමින් ඊට පිළියම් යෙදීම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අදාළ බලධාරීන්ගේ වගකීම වන අතර ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ හෝ සෞඛ්‍ය සේවාවේ ඒකකයන් මහජනතාවගෙන් ඈත් කර තැබිය හැකි අන්දමේ දඬුවම් කිරීමේ ඒකක ලෙස භාවිතා කිරීම හෝ එවන් ප්‍රකාශ සමාජගත කිරීම වහාම වැලැක්විය යුතු බවද රවි කුමුදේශ් මහතා අවධාරණය කර සිටියි.

Social Sharing
නවතම