අපරාධකරුවන් සොයා කඩා පනින මෙහෙුයම්!

රටේ පවතින අපරාධ රැල්ල මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මූලිකත්වයෙන් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව සමඟ පෙර දැනුම් දීමකින් තොරව රට පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව විවිධ ගණයේ අපරාධකරුවන් විවිධ ස්ථානවල සැඟවී සිටින නිසා පෙර දැනුම් දැනුම් දීමකින් තොරව ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව සමග විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එහිදී අපරාධකරුවන්ට පලා යාමට ඉඩ නීතියේ රැහැනට හසු කර ගැනීමට අපේක්ෂා කරන බවත් විවිධ වූ ජාවාරම්කරුවන් සහ වරෙන්තුකරුවන් ග්‍රහණයට ගැනීමට සූදානමින් සිටින බවත් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

මෙම මෙහෙයුම් අඛණ්ඩව දින ගණනාවක් පුරා දිවා රාත්‍රියේ පැවැත්වෙන බවත් එය සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහාය ද ඉතා අගය කරන බවත්, ජනතාව දන්නා තොරතුරු අදාළ නිලධාරීන් වෙත නිලධාරීන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් සරත් වීරසේකර මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

මෙහිදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පස් දෙනෙකු බැගින් එක් එක් පොලිස් ස්ථාන වලට අනියුක්ත කිරිමට සැලසුම් කර ඇත. නමුත් පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ පොලිසිය වැනි ආයතනයක නිලධාරීන් සමඟ ගොස් මෙම වැටලීම් සිදු කල නොහැකි බවය. මන්ද වැටලීමට යාමට ප්‍රථම අදාල සැකකරුවන්ට පොලිසියෙන් තොරතුර ලැබීමේ අවස්ථාව ඇති බැවිනි.

-ශානි-

Social Sharing
නවතම පින්තූර ගැලරිය