ආණ්ඩුව දිගටම NGO සහාය ගැනීමට එකඟයි!

වධහිංසාවට ලක්වන කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් පිහිටවු මධ්‍යස්ථානවල පරිපාලන කටයුතු සදහා තව දුරටත් රාජ්‍ය නොවන සංවිධාන වල සහාය ලබා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රජය පවසන පරිදි හිංසනයෙහි වින්දිතයන් බවට පත්වන කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන් සදහා තාවකාලික රැකවරණ සැලසීම පිණිස උතුරු, නැගෙනහිර, බස්නාහිර හා සබරගමුව  යන පළාත්වල තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන ඉදි කර ඇත.

ඒ අතුරින් යාපනය, මුලතිව්, මඩකලපුව, කොළඹ හා මාතර පිහිටි රැකවරණ මධ්‍යස්ථානවල පරිපාලන කටයුතු පවත්වාගෙන යාම සදහා 2018 වර්ෂයේ සිට Women in Need (WIN) සහ Jaffna Social Action Center (JSAC) යන රාජ්‍ය නොවන සංවිධාන සමග ගිවිසුම්වලට එළඹ ඇත.

WIN රාජ්‍ය නොවන සංවිධානය ජාතික පොලිස් කොමිසමේ සාමාජිකා නීතිඥ සාවිත්‍රි විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යන්නකි. JSAC නායකත්වය දරන්නේ යාපනයේ රාජ්‍ය නොවන සංවිධාන කවුන්සිලයේ සභාපති නඩරාජා සුකිර්තරාජ්ය.

2021 වර්ෂය තුළදී ද අදාළ රැකවරණ මධ්‍යස්ථානවල පරිපාලන කටයුතු පවත්වාගෙන යාම සදහා  එම රාජ්‍ය නොවන සංවිධානයන්හි සේවය ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යවරයා මාර්තු 01 සදුදා රැස්වු කැබ්නට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

cabinet in sri lanka

 

Social Sharing
නවතම