නව වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය 70% කට වැඩි වේගයෙන් –  වෛද්‍ය හරිත අලුත්ගේ

කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේද තුල විකෘතිතා 20 කට අධික ප්‍රමාණයක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

එලංගලන්තයෙන් සොයා ගැනුණු කොවිඩ් නව වෛරස් ප්‍රභේදය අනෙක් වෛරස් ප්‍රභේදයන්ට වඩා 70% ක වේගයෙන් ව්‍යාප්ත වන බවත් දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් නව වෛරස් ප්‍රභේදයද මේ වන විට යුරෝපයට ඇතුල් වී ඇතැයිද එය එංගලන්තයේ වෛරස් ප්‍රභේදයට වඩා වැඩියෙන් ව්‍යාප්ත වන්නක් බවද ඔහු පවසයි.

මෙවන් පසුබිමක් තුල රටක් ලෙස මෙයින් ගැලවීමට ඇති ඉඩකඩ අවම බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ හැකිතාක් මේ වෛරස රටට ඇතුලු වීමට ඇති ඉඩකඩ වසා දැමිය යුතු බවයි.

ලොක් සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මේ වෛරස් ප්‍රභේද තුල ඇති වන විකෘති සාමාන්‍ය බවය. ඒ නිසා ලංකාවේ වුව ද දැන් පවතින වෛරසය විකෘති විය හැකි බවත් අවධාරණය  කරන වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටින්නේ මුලික සෞඛ්‍ය පුරුදුත් සමඟ අප ජිවත් විය යුතු බවය.

එමෙන්ම මේ වන විට දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන වෛරස් ප්‍රභේදය වැඩි වශයෙන් තරුණ අයට වැලදෙන බව අනාවරණය වී ඇති බවත් ඒ නිසා රටක් ලෙස ඉදිරි සැලසුම් කිරීමේදී මෙරට ජනතාවගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම කෙරෙහිද අවධානය යොමු කළ යුතුව ඇතැයි ඔහු කියා සිටියි.

Social Sharing
නවතම