බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරසය ලංකාවට පැමිණීමේ අවධානමක්?

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය  මේ වන විට තවත් රටවල් 05 කින් වාර්තා වී ඇති අතර  රටවල් 40 ක පමණ එක්සත් රාජධානිය සමඟ ගුවන් සබඳතා අත්හිටුවා ඇත.

මෙම නව වෛරස් ප්‍රභේදය දැනට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරසය මෙන් 70 ගුණයක් වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාවක් ඇති බවයි බ්‍රිතාන්‍යය විද්‍යාඥයින් පවසයි.

මෙම නව වෛරස් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් බ්‍රිතාන්‍යය, ඉතාලිය, ඩෙන්මාර්ක්, නෙදර්ලන්තය සහ ඕස්ට්‍රේලියාවෙන් මේ වන විට වාර්තා වී ඇත.

ඇතිවී තිබෙන නව තර්ජනය හමුවේ ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, අයර්ලන්තය, කැනඩාව, සෞදි අරාබිය, ඉන්දියාව, බෙල්ජියම, පෝලන්තය, ඔස්ට්‍රියා, ෆින්ලන්තය, බල්ගේරියාව ඇතුළු රටවල් 40 ක් පමණ බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් ගමන් තහනම් කිරිමට මේ වන විට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවද මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය රසායානාගාර තාක්ෂණ විද්‍යා සංගමයේ නියෝජ්‍ය ලේකම් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ කිර්තී වික්‍රමරත්න මහතා කියා සිටියි.

එංගලන්තය වැනි රට වලින් පැමිණෙන පුද්ගලයින් සහ ඔවුන් නිරෝධායනය කිරීමේදී මෙම වෛරස් ප්‍රභේදය පැතිර යා හැකි බවද ඔහු පෙන්වා දී ඇත.

මේ අතර එක්සත් රාජධානිය සමඟ ගුවන් සබඳතා අත්හිටුවීම පිලිබඳ මෙරට සිවිල් ගුවන් සේවා අධිකාරීය තවමත් තීරණයක් ගෙන නොමැති අතර තවම ගුවන් ගමන් සිදුවෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ගත යුතු සෞඛ්‍ය උපදෙස් අද දින ජනාධිපතිවරයා හමු වී ලබා ගන්නා බවද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියි.

මේ වන විට ලංකාවේ පැතිර යන කොවිඩ් ප්‍රභේදය යුක්රේන රටේ ව්‍යාප්ත වන වෛරස් ප්‍රභේදයට සමාන එකක් බව පහුගියදා අනාවරණය කරගෙන තිබුණි.

Social Sharing
නවතම විදෙස්