ලංකාවෙන් කොරෝනා ප්‍රභේද 26 ක් හමු වෙයි.

දැන් නිතරම පාහේ අපට ජන මාධ්‍ය මඟිනුත්, එදිනෙදා ජිවිතයේදීත් වඩාත්ම සමීප වචනය බවට පත්ව ඇත්තේ කොරෝනාය. ඒ් තරමට මේ ගෝලීය වසංගතය දැන් ත්‍රස්තවාදයක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය පැමිණ වසරකුත් ගෙවී යන මේ මොහොතේ  අප දැන් සිටින්නේ තීරණාත්මක මොහොතකය.

මේ වන විට ලංකාවෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත වුවන් 75,600 ඉක්මවා ගොස් ඇත. මරණ 397 ක් වාර්තා වී තිබේ. ඊට අමතරව මේ වන විට ලංකාව තවත් ගැටලුවකට මුහුන දෙමින් සිටියි. ඒ් මේ කොවිඩ් වෛරසයේ විවිධ ප්‍රභේද දිවයිනේ තැනින් තැන වාර්තා වීම නිසාය.

කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන පරිදි මේ දක්වා මෙරටින් කොවිඩ් ප්‍රභේද 26ක් සොයා ගෙන ඇත. ඉන් අලුත්ම ප්‍රභේදය වන්නේ බ්‍රිතාන්‍යයේ පැතිර ගිය නව වෛරස් ප්‍රභේදයයි. මේ වන විට මෙම වෛරසය ආසාදිත පුද්ගලයින් 16 කු මෙරටින් හමු වී තිබේ.

ඒ් ඉකුත් ජනවාරි මස 26 වෙනිදායින් පසුව ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් 92 දෙනෙකුගේ සිදුකළ ජානමය පරීක්ෂාවන් මගින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකළ පර්යේෂණයේදීය.

මේ තත්ත්වයත් සමඟ රට යළිත් ලොක් ඩවුන් කරන බවට ඊයේ (14) සමාජ මාධ්‍ය වල සංසරණය විය. නමුත් යුද්ධ හමුදාපතිවරයා පවසන්නේ  වයිරසයේ නව ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන නමුත් රට සම්පූර්ණයෙන්ම අගුළු දැමීමේ සූදානමක් නැති බවය.

මෙරට දී හඳුනා ගනු ලැබූ නව බ්‍රිතාන්‍යය කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ සයිප්‍රසය, ජෝර්දානය සහ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි  පුද්ගලයින්ගෙන් බවද  ඔහු සඳහන් කර ඇත.

එලෙස හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් 16 දෙනා ගෙන් 13 දෙනෙකු මේ වන විටත් යුද හමුදාවේ පාලනයට යටතේ තිබෙන පොම්පෙමඩු සහ මුලංකාවිල් යන නිරෝධායන මධ්‍යස්ථාන තුල සිටින පුද්ගලයින් වන අතර අනෙක් තිදෙනා අවිස්සාවේල්ල, කොළඹ, හැව්ලොක් සිටි හිදි හමු වීඇත.

දැනට මෙම ප්‍රභේදය ආසාදනය වූ කොවිඩ් ආසාදිතයින් දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය වෙනුවට ඔවුන් දින 21ක නිරෝධායන ක්‍රියාවලියට යොමු කොට තිබේ.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ රට බරපතල තත්ත්වයකට මුහුණ දෙමින් සිටින හෙයින් මේ රෝගීන් වාර්තා වන ප්‍රදේශ හෝ වසා දැමිය යුතු බවය. නමුත් රජය ඊට එකඟ නැත.

නව වෛරස් ප්‍රභේදය හමුවේ සංචරණ සීමා පැනවිම ගැන අද විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිත බව රාජය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කර ඇත.

ශානි

Social Sharing
නවතම