පහුගිය රජයේ සංවර්ධන සැලසුම් 29 ක ගැසට්ටුව අවලංගු කළේ හේතුවක් ඇතිවයි! – අමාත්‍ය නාලක ගොඩහේවා

පහුගිය ආණ්ඩුව කාලයේ ගෙන ආ නගර සංවර්ධන සැලසුම් 29 ක ගැසට්ටුවක්  මේ ආණ්ඩුවේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් අවලංගු කරනු ලැබුයේ පහුගිය සතියේය.

මෙම ගැසට්ටුව 2020 සිට 2030 දක්වා ක්‍රියාත්මක වීමට තිබු එකකි. 2019 ඔක්තෝම්බර් මසදී මෙය එවකට නගර නාගරික සංවර්ධන අධිකාරිය භාරව සිටි අමාත්‍ය පාඨලී චම්පික මහතාගේ අත්සනින් යුතුව ගැසට් කරන ලදි.

ඒ ගැසට්ටුව අවලංගු කිරීමට  සිදු වුයේ ඒවා මැතිවරණයට ආසන්නව දේශපාලන ප්‍රචාරයන් ලබා ගැනීම සඳහා කඩිමුඩියේ කළ වැඩක් නිසා බව අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

මෙයට අදාලව පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා කර අදාල අනුමැතිය ලබා ගෙන තිබුණේ නැති අතර රෙගුලාසි සම්පුර්ණ කර නොතිබීම නිසා මේ අර්ධ සම්පුර්ණ ගැසට්ටුව අවලංගු කිරීමට පියවර ගත් බව ඒ මහතා කියා සිටියි.

සැලසුම් කිරීමක් ආවාට ගියාට කළ හැකි දෙයක් නොවන බවත් එය සැලසුම් කර, පළාත් පාලන ආයතන සමඟ ඇතුලු අදාල අංශ සමඟ සාකච්ඡා කර අනුමැතිය ලබාගෙන අවශ්‍ය කරන සියලු රෙගුලාසි සම්පුර්ණ කර නගර සංවර්ධන සැලසුමක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු කියා සිටියි.

මේ සැලසුම් අපතේ නොයන බවත් ඒවා නිසායාකාරව ඉදිරියේදී සිදු කරන බවද මේ නිසා වැඩ වල ප්‍රමාදයක් සිදු නොවන බවත් පහුගිය රජයට වඩා ඉතා වේගවත්ව වැඩ සිදු වෙන බවද හෙතෙම සඳහන් කර සිටියි.

Social Sharing
නවතම