මිලිටරි බලයට එරෙහි නැගිටින මියෙන්මාර තරුණ ප්‍රජාවගේ නව විරෝධතා කලාව- සේනක වත්තෙගෙදර

Myanmar protests against military rule

තායලන්ත ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ සංකේතය බවට පත් තෙඇඟිළි විරෝධය මියන්මාර ප්‍රතිවිරුද්ධකම්පෑමේ සළකුණ බවටද පත් කැරුණේ වෛද්‍ය ශිෂ්‍යාවන් පිරිසක් එය යොදා ගැනීම මගිනි. මෙම ආචාරවය/විරෝධය Hunger Games  නම් ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවෙහි ජනාධිපති ස්නෝ නම්  එකාධිපතියට එරෙහිව පිඩිත ජනයා විසින්  මුලින්ම පාවිච්චි කරන ලදී.  මෙම සංකේතය මගින්ද ප්‍රතිවිරුද්ධකම් පෑම විශ්වමය ස්වරූපයක් ලබා ගනී.

අප කවුරුත් දන්නා පරිදි මියන්මාරය 1962 දෙකේ සිට 2010 දක්වා හමුදා පාලනයක් යටතේ පැවති රටක්.

1974 න් පසු ජෙනරාල් නේ වින් යටතේ හමුදාව විසින් පාලනය කරනු ලබන, සමාජවාදී රාජ්‍යයක් යැයි කියාගන්නා එක් පක්ෂයක් පමණක් පාලනය කරන රාජ්‍යක් ලෙස එකළ බුරුමය නමින් හැදින් වූ එරට පැවතුනා.

1962 සිට 1974 කාලය දක්වා සෘජු හමුදා පාලනයකට යටත්ව පවතින රාජ්‍යයක් ලෙසත්, 1974 සිට 1988 දක්වා ව්‍යවස්ථාමය ඒකාධිකාරයක් යටතේ පවත්වාගෙන යන රාජ්‍යයක් ලෙසත් පැවතුනා. මෙවන් හේතු නිසා ඇත්ත වශයෙන්ම මියන්මාරය පැවතින්නේ යම් තරමක  හුදකලා රාජ්‍යයක් ලෙසයි.

Myanmar protests against military rule

නොබෙල් ත්‍යාගලාභී අවුන්සාන් සූකී නායකත්වය දෙන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ නොහොත් NLD මැදිහත්වීම යටතේ 2011 වසරේ සිට මේ දක්වා රට නැවත ප්‍රජාතන්ත්‍රවාදී දිශාවට හැරවීම සඳහා කිසියම් උත්සාහයක් ගැනුණද එය මේ වන තෙක් සාර්ථක තත්ත්වයකට පත්වී නැහැ.

2020 වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වුණ මහ මැතිවරණය අන් කවරදාකටත් වඩා විශාල බලයක් එනම් 83% ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගැනීමට සමත් වෙනවා. එම මැතිවරණයේදී විශාල තරුණ ප්‍රජාවක් අවුන්සාන් සුකි ගේ පක්ෂය වටා ඒකරාශී වෙමින් හමුදා බලය පරාජය කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනවා.

2020 මියන්මාර මිලිටරිය තමන්ගේම පක්ෂයක් (USDP) සාදාගෙන ඡන්දයට ඉදිරිපත් වෙනවා. එයට ලැබෙන්නේ ඉතා අඩු ජන්ද ප්‍රමාණයක්. එයට ලැබුණේ ආසන 21ක් පමණයි.

Myanmar protests against military rule

වර්තමාන මියන්මාර් ව්‍යවස්ථාව අනුව නිරායාසයෙන්ම 25% ක ප්‍රතිශතයක් හමුදාව නියෝජනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ අසුන් ගන්නවා. නමුත් 2020 මැතිවරණයේදී හමුදාව නියෝජනය කරමින් තේරී පත් වන්නේ ඉතා සුළු පිරිසක් වන බැවින් ඔවුන් චෝදනා කරන්නේ මෙම පාර්ලිමේන්තු මැතිවරණය නිදහස් හා සාධාරණ නොවූ බවයි.

2020 මැතිවරණ ප්‍රතිපල අනුව මිලිටරිය ලබා ගන්නා සියයට 25ක ආසන තිබියදීත් තුනෙන් දෙකක බලයක් අවුන් සාං සුකී නායකත්නය දෙන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයට ලැබෙනවා. එමගින් ව්‍යවස්ථාව වෙනස් කර මිලිටරි ආසන අහෝසි කිරීමටත් අවකාශය උදා වෙන්න තිබුණා.

මිලිටරිය පාර්ලිමේන්තුව අහෝසි කරන්නේ අන්න ඒ නිසයි. එරට මිලිටර් පුන්ටාව හැදින්වෙන්නේ තත්මදොව් Tatmadaw යන නමින්. එනයින් 2021 පෙබරවාරි පළවෙනි දින රාජ්‍ය බලය නැවත හමුදාව නතුකර ගනු ලබනවා.

මෙම සිද්ධියත් එක්කම ඊට එරෙහිව විශාල ජනතා විරෝධයක් රට තුළින් මතු වන අතර එහි නායකත්වය ගන්නේ එරට තරුණ ප්‍රජාවයි.

පෙබරවාරි පළවෙනිදා සිට අද දක්වා නොකඩවා රටපුරා පැවැත්වෙන වීදි සටන් වලට තරුණ ප්‍රජාව විසින් නායකත්වය සපයමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නොකඩවා කරන අරගලයක් තත්ත්වයකට පත්ව තිබෙනවා. ඇත්තටම වසරකටත් වැඩි කාලයක් හොංකොං වල සිදුවෙන චීන ඒකාධිපතිත්වයට එරෙහිව සිදුවන අරගලය ද මීට සමානයි.

මේ ලිපියෙන් උත්සාහ කරන්නේ මෙම තරුණ ප්‍රජාව විසින් ඉතාම නිර්මාණශීලිව ඔවුන්ටම ආවේණික වූ උපාය මාර්ග අනුව යමින් හමුදා ජුන්ටාවට එරෙහිව සටන් වදින ආකාරය දෙස බැලීමටයි. එමගින් අර්ධ ඒකාධිපතිත්වයක් කරා ගමන් කරමින් සිටින ශ්‍රී ලංකාවේ අපට නිර්මානාත්මක අරගල ක්‍රම ගැන අවබෝධයක් ලබා ගන්නට පුලුවන්කම ලැබෙනවා.

aung san suu kyi

ශ්‍රී ලංකාවේ සිදුවන ප්‍රජාතන්ත්‍රවාදී අරගල වල තරුණ ප්‍රජාව නායකත්වය දෙන ප්‍රමාණය ඉතා ම සීමිතයි. ඇත්ත වශයෙන්ම ඇතේ නැති තරම්. නමුත් මියන්මාර තරුණ ප්‍රජාව එසේ නොවේ. අවුරුදු පනහක් පමණ කාලයක් හමුදාවෙන් බැට කෑ ඔවුන් තම නිදහස ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහා නායකත්වය දීමට පෙරමුණට පැමිණි තිඛෙනවා. මොකද කියනවා නම් පසුගිය වසර දහය තුළ ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස විදගන්නට ලැබුණ නිසා.

ඔවුන්ගේ පළමු උපාය මාර්ගය වූයේ සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරයක් දිගින් දිගටම පවත්වාගෙන යෑමයි. ඔවුන් රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටියේ දෛනික රාජකාරී වලට සභාගි වීමෙන් වැලකී සිටින ලෙසයි. පෙබරවාරි පළවෙනිදා සිට මේ වන තෙක්ම එය ඉතා සාර්ථක ලෙස සිදු වෙනවා.

myanmar coup

මේ ප්‍රතිවිරුද්ධකම් පෑම් සිදුවන්නේ සංවිධානයක් නැති නායකත්වයක් නැති විදහටයි. නමුත් විරෝධතා යටින් දුවන හුයක් වැනි ජාල ගත වූ තරුණ කන්ඩායම් එයට නායකත්වය දෙනවා.

myanmar protest latest news

හමුදා පාලකයන් විසින් මිනිසුන් බලෙන් රාජකාරි වල යෙදවීම සඳහා උත්සාහ ගත්ත ද එය මේ වන තෙක් සාර්ථක වී නැහැ. ඊට මුහුණදීම සඳහා හමුදාව විසින් නව නීතියක් පැනවූ වනු ලැබුවා, එනම් පස් දෙනෙකුට වැඩි පිරිසක් එකතැන රැස්වීම ඔවුන් විසින් තහනම් කළා.

එසේ හමුදා බලය යෙදවීම වැඩි කරන විට තරුණ ප්‍රජා විසින් ඊට මුහුණ දීම සඳහා සඳහා අපූරු අපූරු උපාය මාර්ග සොයා ගනු ලැබුවා.

Myanmar military today

එක් උදාහරණයක් නම් උදය වරුවේ රැකියා සඳහා යන අයට නියමිත වේලාවට රාජකාරි සඳහා යෑමට නොහැකි වන පරිදි රථ වාහන තදබදයක් උපක්‍රම ඇතැම්විට සිනහව උපදවනවා. පොලිතීන් ෂොපින් මලු වල තමා ගෙන එන ලූණු, සහල් වැනි දෑ හදිසියෙන් ම පාර මැද දී මාත් මල්ල කැඩී විසිරී යනවා. එවිට ඔවුන් සාමූහිකව එකතුවී ඒවා ඇහිදිමින් නැවත මලු වලට පිරවීමට උත්සාහ කරනවා නමුත් එම මලු නැවත පිරෙන්නේ නැහැ මන්දයත් ඒ මලු සිදුුරු වී ඇති බැවින්.

මේ ප්‍රතිවිරුද්ධකම් පෑමේහි තවත් ශක්තියක් නම් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව එකාවන්න තරුණියන් සහ තරුණයන් පාරට බැස සිටීමයි.

තවද හදිසියේම ගැහැණු ළමයින් පාරේ සිසුන්ව වැටෙනවා. සිහිසුන් වූ ළමයාට උපකාර කිරීම සඳහා බොහෝ දෙනා එතැනට රැස් වෙනවා. ඒ නිසා වාහන වලට ගමන් කිරීමට තියෙන ඉඩකඩ නැතිවෙලා යනවා.

තවත් එක් උපක්‍රමයක් තමයි ඔවුන් කිසියම් භාණ්ඩයකට තට්ටු කරමින් සාමූහිකව ශබ්දයක් ඇති කිරීමට දරන උත්සාහය. මෙය වඩාත් සාර්ථක වන්නේ හවස් වරුවෙදි. මන්ද මන්දයත් රාත්‍රී කාලය වන විට ඇඳිරි නීතිය පනවන බැවින් සියලු දෙනාම නිවෙස් තුළ රැඳී සිටිය යුතු වෙනවා. ඒ අතර කාලයේ දී නිවෙස් වලට පැමිණෙන හමුදාව විසින් අරගලයට නායකත්වය දෙන තරුණ තරුණියන් රැගෙන යාමට උත්සාහ දරනවා. එවන් අවස්ථාවලදී මිනිසුන් විසින් කරන්නේ කිසියම් සද්ද ඇති කිරීමට උත්සාහ කිරීමයි. එම සද්දයට අනුව යමින් මුළු ගමේම අය ශබ්ද කිරීම සිදුකරනු ලබන අතර එවිට සිය රහසිගත මෙහෙයුම් අතහැර හමුදාව බොහෝවිට පසුබා යන ආකාර ආකාරයක් පෙනෙන්නට තිබෙනවා.

myanmar president

හමුදාව බලාපොරොත්තු වූවාට වඩා විශාල උද්ඝෝෂණ රැල්ලක් රට තුළ මතු වෙමින් පවතින එන නිසා හමුදාව ඊට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කිරීම මේ වන විට උත්සන්න කරමින් තිබෙනවා නමුත් තරුණ ප්‍රජාව පසු බසින පාටක් පෙනෙන්නට නැහැ.

myanmar protest news

හමුදා ප්‍රහාර වලට මුහුණ දීම සඳහා ඔවුන් මේ වන විට විවිධ ඇඳුම් සූදානම් කර ගනිමින් සිටිනවා ඔවුන් ඉදිකිරීම් වල දී යොදා ගන්නා හෙල්මට් පැළඳීමට, කඳුළු ගෑස් වලට මුහුණ දෙන ආරක්ෂිත කණ්නාඩි පැලදීමට, ගල් වැනි ප්‍රහාර වලට මුහුණ දීම සඳහා ආරක්ෂිත කුළු තමන් විසින්ම සාදා ගැනීමට ඔවුන් ක්‍රියා මේ වන විට ක්‍රියා කර තිබෙනවා. එමෙන්ම ඔවුන් සංගීතය සිය උද්ඝෝෂන වලට යොදා ගන්නවා.

myanmar protest news

මේ තාක් දුරට සියලූ ප්‍රතිවිරුද්ධකම් පෑම් සිදුව ඇත්තේ සාමකාමී ලෙසයි. නමුත් හෙට අනිද්දා වන විට සමහරවිට හමුදා ඛණ්ඩ වලට කහඹිලියා ප්‍රහාර එල්ල වීමටද බොහෝ විට ඉඩ තිබෙන බව සඳහන්.

හමුදා කුමංත්‍රණයට ප්‍රතිවිරුද්ධකම් පෑමේ සංවීධානය කැරෙන්නේ සමාජ ජාල හරහායි. තත්මදොව අන්තර් ජාල පහසුකම් සීමා කර තිබුනත් එයට පිටින් අනත්ර් ජාල සබතා පවත්වා ගැත හැකි ක්‍රම තරුණ ප්‍රජාව අත තියෙනවා. විචාරකයින් පෙන්වා දී ඇති කරුණක් නම් මියන්මාරයේ තරුණ ක්‍රියාධරයන් පසුගිය කාලය පුරා ලෝකයේ ප්‍රතිවිරුද්ධකම් පෑමේ කෙරෙන් අත්දැකීම් උකහා ගැනීමයි.

myanmar protest news

විශේෂයෙන්ම පරිසර සහ කාළගුණ ප්‍රතිවිරුද්ධකම් පෑම් අද ලොව පුරා ඉතා නිර්මාණාත්මක වේශයන් ලබා ගනිමින් පවතිනවා.

2018 ජනාධිපති සිරිසේනගේ ව්‍යවස්ථා කුමංත්‍රණයට එරෙහිව අපේ රටෙහිත් තරුණ පිරිස් වීදියට ආවා. ඒ වාගේම ඔවුන් කන්ඩායම් දෙක තුනක් පමණ නිර්මානාත්මක විරෝධතා පැවැත් වුවා. ගාලු මුවදොර පැවැති ස්ත්‍රී විරෝධය එවැන්නක්. නමුත් වැඩි දෙනෙකු කළේ බෝඩ් අල්ලා ගෙන පාර අයිනේ සිටීමයි.

උද්ඝෝෂන ගීත සාහිත්‍යයක් අපට ඇත්තේම නැහැ. මුල් කාලයේ වමේ ව්‍යාපාරය “සාදුකින් පෙළෙනවුන් දැන් ඉතිං නැගිටියව්” යන ගීය පෙළපාලිවල රිදමය බවට පත් කරගෙන තිබුණා. නමුත් පසුකාලීනව එය නැතිව ගියා.

අද ලංකාවේ ප්‍රබලතම විරෝධතා මාධ්‍යක් බවට කාටූන් සහ හාස්‍ය පත්ව තිබෙනවා. නමුත් එය සිදුවන්නේ සංවිධානාත්මක සිවිල් සමාජයට හෝ වාම සංවිධානයන්ට පිටින්. සමාජ මාධ්‍ය හරහා හාස්‍යය මුසු විරෝධතා පිලිබඳව සිවිල් සමාජයට දැක්මක් ඇති බවක් පෙන්නේ නැහැ.

අප කල්පනා කළ යුතු ප්‍රශ්නය වන්නේ, ශ්‍රී ලංකාවේ ද ප්‍රජාතන්ත්‍රවාදී අරගල බොහෝ තිබුනත් තරුණ ප්‍රජාව ගේ දායකත්වය දුර්වල ඇයිද යන්නයි. එමෙන්ම නිර්මාණශීලී උපක්‍රම ඉතා දුලබවී ඇත්තේ ඇයිද යන්නයි.

සේනක වත්තෙගෙදර

( උපුටා ගැනීම – srilankabrief.org)

Social Sharing

Related posts