දුමින්ද සිල්වා නිදහස් කිරීම ගැන මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන් කථා කරයි.

දුමින්ද සිල්වා  යනු දුප්පත් වැසියන් වෙනුවෙන් ගොඩක් වැඩ කළ පුද්ගලයෙකු බවත් ඒ නිසා ඔහු පිලිබඳවත් රජය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධානය යොමු කළ යුතුව ඇතැයිද නාරාහේන්පිට අභයාරාමාධිපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

මේ කා වෙනුවෙන්වත් කරන සුදු හුණු ගෑමක් නොවන බවත් බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේද ‘සබ්බේ සත්තා – භවන්තු සුඛිතත්තා’ බවත් කියා සිටින උන් වහන්සේ අවධාරණය කරන්නේ ඔහු සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියාදාමයක් අනුගමනය කළයුතු බවය.

යහපාලන රජය සමයේ සිදුකළ වැරදි සම්බන්ධයෙන් සොයා බලා සාධාරණය ඉටු කරන බවට වත්මන් රජය පොරොන්දුවක් ලබාදුන් බව පෙන්වා දෙන ආනන්ද හිමි පවසන්නේ ඒ අනුව දුමින්ද සිල්වා මහතාටද සාධාරණය ඉටුවනු ඇති බවයි.

එමෙන්ම උන් වහන්සේ කියා සිටින්නේ අද සෞඛ්‍ය අමාත්‍යාංශය නාමික බෝඩ් එකකට පමණක් සීමා වී ඇති බවය.

කොරෝනා පළමු රැල්ලේදී දක්වපු උනන්දුව කොරෝනා දෙවැනි රැල්ලේදී නැති බව පෙන්වා දෙන උන් වහන්සේ කියා සිටින්නේ අද සෞඛ්‍ය අමාත්‍යාංශය නාමික වී ඇති බවත් ඒ තුල හරි දැක්මකට වැඩ කරන කිසිවෙකුත් නැති බවය.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ ආකාරයෙන් පිරිහි යාමට ඉඩ නොදෙන ලෙස තමන් අග්‍රාමාත්‍යවරයාගෙන් මෙන්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් නැතිනම් මේ රටේ නිර්දන පන්තියේ ජනතාවට කාගේ පිහිටක්දැයි උන් වහන්සේ ප්‍රශ්න කර සිටියි.

Social Sharing
නවතම