අමාත්‍යාංශයේ පුරෝවගෙන ඉන්න වෛද්‍යවරු ඉදිරි පැය 72 ඇතුලත වහාම රෝහල් වලට යවන්න – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් රතු එළියක්!

වෘත්තිය සමිති ආඥා පනතට පටහැනිව ආඥා පනත වෙනස් කරමින් වෘත්තිය සමිති කටයුතු කරන්නට අද රජයේ වෛද්‍ය නිලධාරීන් පත් කර ගෙන සිටින බවත් එලෙස ක්‍රියා කරන නිලධාරීන් වහාම ඉදිරි පැය 72 ඇතුලත රෝහල් වලට අනියුක්ත කරන ලෙස පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටියි.

අද රෝහල් වල වැඩ කිරීමට වෛද්‍යවරු නොමැති බවත් නමුත් අමාත්‍යාංශයේ  වෛද්‍යවරු පුරවාගෙන සිටින බවත් පරිපාලනය කරන වෛද්‍යවරු පමණක් අමාත්‍යාංශයේ රඳවාගෙන අනෙකුත් වෛද්‍යවරු වහාම අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසද උන් වහන්සේ කියා සිටියි.

එයට ඇහුම්කන් දීමට නොහැකි නම් මේ සෑම වෘත්තිය සමිතියකම නියෝජිතයෙක් අමාත්‍යාංශයට පත් කර ගන්නා ලෙසද නැතිනම් ඉදිරියේදී සෞඛ්‍යට බාධාවක් වෙනු ඇතැයිද උන් වහන්සේ අනතුරු අඟවා සිටියි.

මේ පෙන්වා දීම් සිදු කරන්නේ තමන් පත් කරගත් ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට බවත් එය නොතකන්නේ නම් පලවා හරින්නත් අයිතියක් ඇති බවත් තමන් කොපමණ ගල් ගැහුවත් ගෙඩි ඇහිදීමට කිසිවෙකුට ඉඩ දී නැති බවත්, තමන්ම ඇහිඳ ගන්නවා යැයි පෙන්වා දෙන උන් වහන්සේ පවසන්නේ ගල් ගසා හෝ පෙන්වා දෙන්නේ මේ රජය නිවැරදි මාර්ගයකට ගෙන යාමට බවය.

නමුත් ආණ්ඩුව අපට 2/3 ක බලය තියෙනවා කියා පම්පෝරි ගසමින් මේ හඬට ඇහුන්කන් නෙදෙන්නේ නම් ඊටද පිළිතුරක් තමන් ලබා දීමට සුදානම් බවද ආනන්ද හිමියන් අවධාරණය කර සිටියි.

Social Sharing
නවතම