නැගෙනහිර වරාය විකිණීමේ උගුල ඇටෙව්වේ කවුදැයි, මන්ත්‍රී දෙලේවත්ත හෙළිකරයි.

ජාතික සම්පත් විකුණන්නේ නැති බවට බලයට පත් වූ ආණ්ඩුව මේ රටේ ඉංජිනේරුවන් වරාය සංවර්ධනය කරන්න ඉල්ලා සිටින අවස්ථාවක එය නොතකා  විදේශයකට ලබා දීම සුදුසු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි, නීතිඥ ප්‍රේමනාත් සී.දොලේවත්ත මහතා පවසයි.

ඉන්දියාව සමඟ එක් වී අපට ගණුදෙනු කිරීමට හැකිනම් එය වඩාත් සුදුසු බව තමන් විශ්වාස කර සිටින බවත් නමුත් ඔහු පෙන්වා දෙන්නේ 2003 දි ඉන්දියාව සමඟ ඇති කරගත් IOC ගිවිසුම මඟින් අද ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 න් 14 ක් පමණක් පාවිච්චියට ගත හැකිව තිබෙන  බවය. එය සැලකිල්ලට ගැනීමේදී නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට නොදී සිටිම වඩාත් සුදුසු යැයිද ඔහු කියා සිටියි.

නමුත් මෙයට ඉන්දියාව බලපෑම් කරන්නේ නම් එය රාජ්‍ය ත්‍රාන්ත්‍රිකව වැරදි ක්‍රියාවක් සිදු කරන බවද මේ උගුල ඇටෙව්වේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යැයිද ඔහු චෝදනා කර සිටියි.

වරාය ජාතික සම්පතක් බවත් මේ නැගෙනහිර වරාය අප තබා ගත යුතු බව අවධාරණය කරන දොලේවත්ත මහතා කියා සිටින්නේ මෙරට සම්පත් විදේශයට ලබා නොදිය යුතු බවය.

මේ රටේ ව්‍යාපාර සිදු වෙන හැටි අත්දැක තිබෙන අතර ඊට ප්‍රධාන හේතු වුයේ ජාත්‍යන්තරය සමඟ සබැඳියාවක් ඇති කර ගත් නිසා බව පෙන්වා දෙන ඔහු පවසන්නේ මෙය දිර්ඝ කාලයක් තිස්සේ සිදු වු ක්‍රියාදාමයක් බවය.

Social Sharing
නවතම