මිගාරට පහර දුන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් !

හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ගේ පුත් මිගාර ගුණරත්න මහතාට පෑලියගොඩ පොලිසිය තුලදී සිදු කළ පහර දීම සම්බන්ධයෙන් තොරතුරු හා ඡායාරූප මේ වන විට සීඝ්‍රයෙන් අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් ඇත්තේය.

මිගාර ගුණරත්න මහතා නීති විද්‍යාලයේ අවසන් වසරේ නීතී සිසුවෙකි.  ඔහුගේ මුහුණට දැඩි ලෙස පහර දීම හේතුවෙන් තුවාල වී ඇත. ඔහු ප්‍රතිකාර ලබන්නේ රාගම රෝහලේය.

මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාල පහර දීමට සම්බන්ධ පොලිස් නිලධාරින්ගේ වැඩ තහනම් කිරිමට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලිස්පතිවරයාට වහාම  ඒ අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසද උපදෙස් ලබා දී ඇත.  පොලිස් ස්ථානයක් තුළ ඒවැනි  පහරදීමක් කිසිසේත්ම අනුමත කරන්නේ  නැති බවත්  ඒ නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ඔහු කියා සිටියි.

නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතා මෙම පහර කෑමට ලක්ව ඇත්තේ පොලිසියේ රඳවා සිටින සැකකරුවෙකුට ආහාර පාර්සලයක් ලබා දීමට ගිය අවස්ථාවේදීය. ඒ ඊයේ (25) රාත්‍රියේය. එහිදී පෑලියගොඩ පොලීසියේ ලින්ටන් සිල්වා සහ තවත් පොලිස් නිලධාරින් 10 දෙනෙකු විසින් පොලු  සහ අතින් පයින් මෙම පහරදීම සිදු කර ඇතැයි පැවසේ.

2021-02-23 දින කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලින්ටන් සිල්වා ඇතුලු නිලධාරින් කණ්ඩායමක් විසින් කැලණිය කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒ්කකය වෙත ලද රුපියල් 1745500/- ක් මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් පැමිණිල්ලක් මත හෙරොයින් ග්‍රෑම් 25 මිලි ග්‍රෑම් 120 ක් සමඟින් ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කිරිමට ගන්නා කඩදාසි 100 බන්ඩල් 25 ක්, වාණිජමය ලිංගික කටයුතු වල යෙදීම සම්බන්ධයෙන් නයිජීරියන් ජාතිකයින් 04 ක් හා බෙලරූස් කාන්තාවන් දෙදෙනෙක්, ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

මෛත්‍රී ගුණරත්න මහතාගේ වැඩිමහල් පුත් වන නීතිඥ චරිත ගුණරත්න මහතා පොලිසිය වෙත ගොස් ඇත්තේ එසේ අත්අඩංගුවට පත්ව සිටින මල්වත්ත විදානලාගේ ප්‍රතිභා දිල්රුක්ෂි වෙනුවෙන් පෙනී සිටීමටය. එහිදී ඔහු හා පොලිසියේ ලින්ටන් සිල්වා අතතර වචන හුවමාරුවක් ඇතිව ඇත. මේ අතර ඊයේ දින රාත්‍රියේ නීතිඥ චරිත ගුණරත්නගේ සහෝදරයෙකු වන නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න පොලිසියට ගොස් සැකකාර කාන්තාවට ආහාර පාර්සලයක් ලබා දී ඇත. එහිදී පොලිස් නිලධාරීන් ඔහු නීතිඥ චරිත ගුණරත්න බවට සැක කර නැවත වචන හුවමාරුවක් ඇති කරගෙන පහර දිම සිදු කර ඇතැයි පැවසේ.

කෙසේ නමුදු මේ වන විට මේ පිලිබඳ කණ්ඩායම් දෙකක් ඔස්සේ පරික්ෂණ අරඹා ඇති අතර මේ වන විට ප්‍රධාන පොලිස් පරික්ෂක ලින්ටන් සිල්වා හා පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ සේවය අත්හිටුවා ඇත.

පැලියගොඩ පොලීසියේ දී නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතාට සිදුවූ පහර දීම සම්බන්ධ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් කළ ප්‍රකාශය

 

Peliyagoda incident statement

-ශානි –

Social Sharing
නවතම