ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කොමසාරිස්වරියට ලැබුණු බලය : සුනන්ද දේශප්‍රිය

ජීනිවා වලට වසන්තය ඇවිදින් වුණත් මේ වන විට ශ්‍රී  ලංකා ආණ්ඩුවට නම් වසන්තය පැමිණ නැතැයි මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ ශ්‍රී ලංකාව බලාපොරොත්තු නොවු අයුරින් ඡන්ද 22 ක් ලබා ගනිමින් ජීනිවා යෝජනාව ජයග්‍රහණය කළ නිසා බවත් මෙය ශ්‍රී ලංකාවට අඩුවම ඡන්දය ලැබුණු අවස්ථාව වන බවත් මෙරටට පක්ෂව ඡන්දය ලැබුණේ ඒ්කාධිපති රටවල් වලින් පමණක් යැයිද ඔහු පවසයි.

පෙබරවාරි 22 දා යෝජනාව එළියට පැමිණි පසු නිල නොවන සාකච්ඡා වට 04 ක් පැවැත් වූ බව පෙන්වා දෙන ඔහු පවසන්නේ මෙහිදී සියලුම මානසික කවුන්සිලය නියෝජනය කරන රටවලට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබු අතර නමුත් එහිදී කථා කළේ චීනය, පකිස්ථානය, රුසියාව, කියුබාව, වෙනිසියුලාව ආදි රටවල් පමණක් යැයිද සුනන්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔවුන් කියා සිටියේද මේ මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව වැරදි බවත් නීති විරෝධි බවත්ය. ශ්‍රී ලංකා තානාපතිවරයාද සඳහන් කර සිටියේ මෙය තුන් වන ලෝකයේ රටවල් භය කිරිමට ගත් උත්සහයක් බවත් පෙන්වා දෙන ඔහු පවසන්නේ නමුත් එය පිලිගත්තේ ඒ්කාධිපති රටවල් පමණක් බවය.

යෝජනාව සම්මත වූ විට කෙරෙන වැදගත් කරුණු දෙකක් ඇති බවත් ඒ මානව හිමිකම් කොමසාරිස්වරියට මාස හයෙන් හයට ලංකාව පිලිබඳ වාර්තා ඉදිරිපත් කිරීමට හැකි බවත් එමෙන්ම වක්‍ර ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නියෝජිතයෙක් පත් කළ හා සමාන බවත් ඔහු විසින් මාස 06 න් හයට මානව හිමිකම් කොමසාරිස්වරියට කරුණු ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටියි.

එමෙන්ම මෙය කෙදිනකවත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයට ලැබී නොමැති බලයක් ලැබීම බවද ඔහු අවධාරණය කර සිටියි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන  සුනන්ද දේශප්‍රිය මහතා

 

Social Sharing
නවතම