අපි ශිෂ්ඨ සම්පන්න ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ජාතියක්! – මංජුල ගජනායක

දේශපාලනය වැඩක් නැහැ කියා කෙනෙකු පවසනවා නම් එය නින්දාවක් බවත් අද දේශපාලනය නොමැතිව කරාමයකින් වතුර පොදක්වත් ලබා ගත නොහැකි බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ (CMEV) ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පවසයි.

ඒ රටේ කාන්තාවට, ළමයින්ට සලකන්නේ නැතිනම් ඒ රට ශිෂ්ඨ සම්පන්න රටක් නොවේ යැයි ඔහු පවසන ඔශු පෙන්වා දෙන්නේ කාන්තාව සමරද්දි ඇය උතුරේද, බටහිර ද යන්න වැදගත් නොවන බවත් කාන්තාව කාන්තාවම බවත්ය.

කාන්තාව දේශපාලනයට පැමිණිම තුල සොරකම, දුෂණය, වංචාව අඩු වෙතැයි කිව නොහැකි බවත් එය තර්කානුකූල සාකච්ඡාවක් බවත් නමුත් යම්තාක් දුරකට එය පාලනය කිරිමේ විභවතාවයක් පවතිනවා යැයිද එයට මහා පරිචයක් අවශ්‍ය නැතැයිද මංජුග ගජනායක මහතා පවසයි.

මෙරට කාන්තාවන්ට වසර ගණනාවක් පුරා දේශපාලනයට පිවිසමේ අයිතිය අහිමි කර තිබු අවදියක 1919 දී නල්ලම්මා මුරුගේසු නැමැති කාන්තාව විසින් ලංකාවේ කාන්තාවන්ට ඡන්ද අයිතිය ඉල්ලා හඬක්  නැඟූ බවත් 1930 දී ඇග්නස් සිල්වා  නම් කාන්තාව ඩොනමොර් කොමිසම  අභියසට ගොස් ඡන්ද අයිතිය ඉල්ලා සිටි බවද ඔහු සිහිපත් කර සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තියේ වර්ගීකරණය නොකරන ලෙස කියා තිබුණද අප ඉතාමත් ශිෂ්ඨ සම්පන්න ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන පිරිසක් යැයිද ඔහු පෙන්වා දෙයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය හා මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මූලිකත්වයෙන් හා NDI ආයතනයේ සහයෙන් මාතලේ පල්ලේපොළ, පුරාණ විහාරස්ථානයේ පැවති සැමරුම් උළෙලේදීය.

-ශානි-

Social Sharing
නවතම