ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝධයා දැන් අවදි වෙලා – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සහ පක්ෂයේ ඉදිරි වැඩපිලිවෙල ඉදිරියට ගෙනයාම ජනතා අවශ්‍යාවයක් වී ඇතැයිද ඒ නිදහස් පක්ෂ යෝධයා නැඟිටුවීමේ වැඩපිලිවෙල දැන් සිදුකරමින් සිටින බවද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉල්ලුමක් ඇති වෙමින් පවතින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැගිට්ටවන්න ඇයි ප්‍රමාද කියා සියලු දෙනා විමසන බවත් ඔහු කියයි.

පක්ෂයක් ලෙස නව ජනතාවාදී ගමනකට  සුදානම් බවත් කාලීන වශයෙන් සියල්ලම දැන් අලුතෙන් සිතන්නට වී ඇති බවත් තාක්ෂණයේ දියුණුව සමඟ මිනිසා අධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් කළ යුතුව ඇතැයිද හෙතෙමෙ පවසයි.

ලෝකයේ වැඩිපුරම අසහනයෙන් හා කණගාටුවෙන් සිටින්නේ දුප්පතුන් නොවන බවත් එසේ සිටින්නේ ඉහළම ධනවතුන් බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා පවසන්නේ මහා ලොකු ධනවතෙකු නොවනුද සරලව සිටිමෙන් ප්‍රශ්න අඩු බවත් ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි සැලැස්ම වන්නේ දූගීබාවය තුරන් කිරීම සදහා අවශ්‍ය සැලසුමක් ක්‍රියාත්මක කිරීම බවය.

75% ක් පමණ අද කාර්යාලවල සිටින්නේ කාන්තාවන් බවත් අද රටේ ශක්තිමත්ම බලය කාත්නාවන්ගේ බලය බවත් දේශපාලන බලය ගොඩනඟන්න, පක්ෂයක් සංවිධානය කරන්න කාන්තාවන්ගේ බලය ඉතාම වැදගත් බව පෙන්වා දෙන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසන්නේ ඒ නිසා සියලුම සංවිධාන ප්‍රතිසංවිධානය විය යුතු බවය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹ නගරයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන හමුවකදීය.

-ශානි-

Social Sharing
නවතම