අධිකරණයෙන් ඇප දුන්නත් මහර රැඳවියන් නිදහස් කරන්නේ නැහැ – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

අධිකරණයෙන් ඇප මත මුදා හැරීමට නියෝග කළ රැඳවියන් මුදා නොහැර, විවිධ වංධහිංසාවන්ට ලක් කරමින් මහර බන්ධනාගාරය තුල රඳවාගෙන සිටින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා පවසයි.

එදා වසන් කරන්නට හැදු මහර බන්ධනාගාර කැරැල්ලේදී  රැඳවියන් එකලොස් දෙනාම වෙඩි තියලා මරපු බවට පැහැදිවම තහවුරු වී ඇති බවත්, බන්ධනාගාර ඉහල පුටු දැන් උත්සහ කරන්නේ මෙය සාධාරණීකරණය කිරීමට බව ඔහු පවසයි.

පොදු දේපල හානි කල බවට චෝදනා කරමින් මේ වන විට විශාල රැඳවියන් පිරිසකට නඩු පැවරීමකට සුදානම් වන බවත්, මේ අතර ඇප මත නිදහස්ව සිටි රැඳවියන් සිටින අතර ඔවුන්ට නැවත නඩු පැවරිමේ හැකියාවක්ද ඇත්ද යන්න ඒ මහතා ප්‍රශ්න කර සිටියි.

නිලධාරීන්ගේ පෞද්ගලික තරහවන්ට ලක් වූ රැඳවියන්ට පවා මේ සිද්ධිය මුල් කරමින් නඩු පවරන්නට කටයුතු කරමින් සිටින බවත් එමෙන්ම මේ වන විට රැඳවියන්ව බිය වද්දමින්, විවිධ වධහිංසා කරමින් සිටින අතර එක්තරා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු අද වධකයෝ දෙදෙනෙකු වී සිටින බවද ඔහු චෝදනා කර සිටියි.

නිලධාරීන් පිරිසක් මේ එකතු වෙලා කරන අමුනෂ්‍ය ක්‍රියාවලියෙන් අපහසුතාවයට පත් වන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බව පෙන්වා දෙන සුදේශ් නන්දිමාල් මහතා කියා සිටින්නේ වහාම ජනාධිපතිවරයාට මැදිහත් වී මේ ගැන සොයා බලන ලෙසටය.

මහර බන්ධනාගාර සිදුවීම පිටුපස විශාල ක්‍රමන්ත්‍රණයක් ඇති අතර බන්ධනාගාර නිලධාරීන් අතර ඇති ගැටුමක් රැඳවියන් පිටින් ගොස් ඇතැයිද ඔහු කියා සිටියි.

Social Sharing
නවතම