දකුණු ආසියානු ‘නෙළුම’ කමලා හැරිස්

ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් විසින් සිය උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස් නම් කරනු ලැබ තිබේ. ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති අපේක්ෂකත්වය හිමි පළමු දකුණු ආසියානු ඇමරිකානුවා සහ කළු ජාතික කාන්තාව ලෙස කමලා ඉතිහාස ගත වෙයි.

ඉන්දීය-ජැමෙයිකන් සම්භවයක් සහිත 55 හැවිරිදි කමලා හැරිසන් පළමුව ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කළාය. උප ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඇයගේ නම ඉදිරි පත් වූයේ ඉන් අනතුරුවයි.

කමලා හැරිසන් කැලිෆෝනියා ප්‍රාන්තයේ හිටපු නීතිපතිවරියකි. ඇමරිකාව පුරා ජාතිවාදයට එරෙහි විරෝධතා පැවැත්වෙන අතර එහිදී දැඩි ලෙස චෝදනාවට ලක් වන ඇමරිකානු පොලිසිය සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව ඇය දැඩිව අවධාරණය කරයි.

BBC – සිංහල  

Social Sharing
විදෙස්