මහ බැංකුවේ අද සිට ක්‍රියාත්මක රෙගුලාසියෙන් ආයෝජකයෝ අමාරුවේ! – හර්ෂ ද සිල්වා

මහ බැංකුව විසින් බැංකු සඳහා නිකුත් කළ ඇති අද සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ රෙගුලාසි යෙන් ආයෝජකයන් අපහසුතාවයට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

ආයෝජකයන් ඩොලර් මිල ස්ථාවරව තබා ගැනීම සඳහා බැංකු සමග ගිවිසුම් වලට එළඹෙන අතර අද සිට එම ගිවිසුම් වලට එළඹීම වළක්වා තිබෙනවා. ඒ අනුව ඩොලර් ගනුදෙනු කරන්න පුළුවන් එදිනෙදාට විතරයි. මේකෙන් ආයෝජකයන් අපහසුතාවයට පත්වෙනවා.

දැන් $150 දිරියේදී කුමක් වේද කියන්න අමාරුයි. ආයෝජකයන් මින් ඉදිරියට කෙසේ තමන්ගේ ආයෝජන සිදු කරන්නේ දැයි ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව slot එකක් ගන්න හදනවා. චීනෙත් එක්ක slot එකක් ගද්දී අපිට හම්බෙන්නේ යුවාන්. අපි රුපියල් දීලා තමයි ඒක ගන්නෙ. ඒකට පොලියක් අය කරනවා.

දැන් අපිට වෙන්නේ යුවාන් හම්බවෙච්ච එක ඩොලර් වලට පරිවර්තනය කරලා ණය බේරන්න. ආණ්ඩුව රෑ දනියල් දවල් මිගෙල් චරිතේ තමයි කරන්නේ. බිම් අඟලක්වත් විකුණන්න නෑ කියලා අලුතෙන් කොම්පැනියක් හදාගෙන කොළඹ ඉඩම් විකුණන යනවා. අධිවේගී මාර්ගයත් ඒ විදිහට දෙන්නයි සැලසුම් කරලා තියෙන්නේ.

Social Sharing
නවතම