ලෝක බැංකුව හා IMF එකේ සහාය එපා! අපිට දේශීය වැඩ පිළිවෙලක් තියෙනවා – අමාත්‍ය දයාසිරි ජයසේකර

ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබා දෙන ණය අප භාවිතා නොකරන අතර ඒ සඳහා  දේශීය වැඩපිලිවෙක් ඇති බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

අවශ්‍ය වන්නේ ලේ ලබා දෙන්නෙකු මිස ලේ උරා නොබෙන්නෙකු බවද ඔහු කියයි.

2017 දි පැවසු පරිදි 2020,2021,2022 යන වර්ෂ වලදී ඩොලර් බිලියන 4.5 ක් සෑම වසරකම විදේශ ණය ලෙස ගෙවීමට සිදු වන බවට නමුත් 2017 සිට 2019 දක්වා මේ ණය ගෙවා ගැනිමට නොහැකි විම නිසා එහි ප්‍රතිඵලයක් ලෙස බලන වසරේ ඩොලර් බිලියන 4.3 ක් ගෙවිමට සිදුව ඇතැයිද ඔහු පවසයි.

2022 දක්වා පැවති මේ ණය  මේ නිසා 2025 දක්වා ගෙවීමට සිදුව ඇතැයිද මේවන විට විදේශ විනිමය ලෙස ඩොලර් බිලියන 5.9 ක සංචිතයක් අප සතුව ඇති බවත් මේ වසරේ ගෙවිමට ඇති ඩොලර් බිලියන 4.5 න් මේ වන විට ගෙවිමට ඇත්තේ ඩොලර් මිලියන 300 ක් මේ දෙසැම්බරය වන විට ගෙවා අවසන් කළ යුතුව ඇතැයිද ඒ අනුව සම්පුර්ණ විදේශ ණය හා පොලිය ගෙවා අවසන් බවද ඔහු පවසයි.

ණය ගෙවාගන්න බැරි ආර්ථිකයක් විදිහට සමගි ජනබලවේගය විශාල මතයක් ගොඩනැගිමට උත්සහ කළ බවත් නමුත් අප පිලිවෙලට ණය ගෙවමින් පවතින බවද ණය ගෙවීමේ ක්‍රියාවලිය තුල ඉහළ රටක් ලෙස සිටින  බවද  අමාත්‍යවරයා පවසයි.

පහුගිය 2015 සිට පහුගිය රජය ව්‍යාපාරිකයින්ට හැකිතරම් බදු ගැසු බවත් ඉන් බිය වූ ව්‍යාපාරිකයින් සල්ලි සැඟවූ අතර ඒ සැඟවූ මුදල් දැන් ලංකාවේ මුදල් සංසරණයට එකතු කර ගැනීමට අවස්ථාවක් ලබා දුන් බවත් ඊට විපක්ෂය චෝදනා කර සිටින්නේ කලු සල්ලි සුදු කරගන්න අවස්ථාවක් ලබා දුන් බවට යැයිද ඔහු පවසයි.

2012 අපේ රට අසාදු ලේඛනයට ඇතුලත්වු බව හර්ෂ ද සිල්වා මහතා කියා ඇති අතර එය සම්පුර්ණයෙන්ම අසත්‍යක් බවත්, නමුත් 2017 දී එය සිදු වූ බවත් එය බොහොම අයාසයෙන් මහ බැංකුව මැදිහත් වී යථා තත්ත්වයට පත් කර ගත් බවද ඔහු අවධාරණය කරයි.

Social Sharing
නවතම