තොරතුරු වසංගතයට එරෙහිව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මෙහෙයුමක්!

කොරෝනා  වසංගතය ලොව පුරා පැතිර යද්දී ඒ හා සමාන ව්‍යවසනයක් ඇති කරමින්, covid-19 සම්බන්ධව සාවද්‍ය තොරතුරු  ද වසංගතයක් මෙන් පැතිර යමින් පවතී.

සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමඟ තොරතුරු ලබා ගැනීම පහසු වී පැවතියත්, නිවැරදි තොරතුරු වලට වඩා අසත්‍ය තොරතුරු ඉතා ඉක්මනින් සමාජගත වීම හේතුවෙන් බොහෝ දෙනෙක් අපහසුතාවයටත් කරදරයටත් පත් වේ.

මේ අවස්ථාවේදී නිවැරදි තොරතුරු හරියාකාරව තෝරාගැනීම මෙන්ම වැරදි තොරතුරු සමාජ ගත වීමට ඉඩ නොදීම අප සියලු දෙනාගේම යුතුකමක් බව පෙන්වා දෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඔබ දැනගත යුතුම කරුණු හයක්  ෆේස්බුක් සමාගම සමග  එක්ව ගෙන ඒමට  තීරණය කර තිබේ.

පහතින් දක්වන්නේ මෙලෙස සමාලෝචනය කරන ලද ප්‍රධාන කරුණු හයකි.

මෙම කරුණු හොඳින් කියවා තේරුම් ගෙන ඔබගේ හිතමිතුරන් අතර මෙම කරුණු බෙදාගැනීමෙන්, සාවද්‍ය තොරතුරු වසංගතයට එරෙහි සටනට එක්වීමට එක්වන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටි.

COVID – 19 ගැන වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කිරීමට උපදෙස් 6 ක්

01.මාතෘකාව පමණක් නොව මුළු කතාවම කියවන්න,

Ø  මාතෘකාවට අදාල යොමුව ( ලින්ක්) මත CLICK කර, මුළු කතාවම කියවා වැරදි තොරතුරු පහසුවෙන් හදුනාගන්න.

Ø  එහි අඩංගු පින්තූර, දත්ත, උපුටා ගැනීම්, තොරතුරු ලබාගත් මුලාශ්‍ර සහ එය නිකුත් කර ඇති දිනයන් වැනි දෑ අතර ඇති නොගැලපීම් වලට අවධානය යොමු කරන්න.

Ø  එම තොරතුරු යල්පැන ගොස් ඇත්දැයි විමසිල්ලෙන් කියවන්න.

 

2.විශ්වාසදායක මුලාශ්‍රයකට යොමු වීම ඔබට ඇති ආරක්ෂිතම මාර්ගයයි

Ø  ඔබ තෝරාගත් මුලාශ්‍රය, විශ්වාසදායක තොරතුරු ලබාදෙන නමගිය මුලාශ්‍රයක්ද ?

Ø  ඔවුන්ගේ අරමුණ කුමක්ද?

Ø  ආයතනය පිහිටි ස්ථානය කොහේද?

 

3.කටකතා වෙනුවට සත්‍ය තොරතුර බෙදා‌ ගන්න

Ø  කෝවිඩ් 19 පිලිබද සැබෑ තොරතුරු සපයන වෙබ් අඩවි වලට සමානව සැකසු සාවද්‍ය වෙබ් අඩවි හරහා වැරදි තොරතුරු පැතිරීම සිදුකරයි

Ø  සාවද්‍ය තොරතුරු බවට හදුනාගත හැකි ඉගි පිළිබද අවධානය යොමු කරන්න

Ø  ව්‍යාජ URL (වෙබ් ලිපිනයන් ), වැරදි අක්ෂර වින්‍යාසය හෝ අමුතු පිරිසැලසුම් ( Layouts)ගැන සොයා බලන්න.

 

4.විශ්වාසනීය මුලාශ්‍ර හරහා , තොරතුරු කුමන පසුබිමක් සහ තත්වයක් යටතේ ලබා දී ඇත්දැයි දැන ගන්න

Ø  ඔබට ලැබුණු තොරතුරු සෞඛ්‍ය අංශ මගින් ලබා දුන් සැබෑ තොරතුරු දැයි දැන ගැනීමට වෙනත් නමගිය මුලාශ්‍ර වල ඇති වාර්තා සමග සසදන්න.

 

5.ඔබගේ මිතුරෙකු හෝ පවුලේ අයකු වැරදි තොරතුරක් බෙදාගෙන තිබුනොත්

Ø  ඔවුන් දැනුවත් කිරීම සදහා පුද්ගලික පණිවිඩයක් යවන්න

Ø  ඔවුන් බෙදාගත්  සාවද්‍ය තොරතුර සදහා වැඩි වශයෙන් ලයික් සහ කමෙන්ට් ( Comment)ලැබී ඇත්නම් , ඔවුන්ගේ සිත් රිදවීමක් සිදු නොවන පරිදි නිවැරදි තොරතුරු පෙන්වන්න

 

6.තොරතුරු බෙදා ගැනීමට පෙර මොහොතක් සිතන්න.

Ø  සමහර වාර්තා වල කරුණු වසන් කර තිබිය හැක, හැගීම් ඇවිස්සෙන පරිදි,තවත් අයෙක් ආවේගයට පත්කරවන ආකාරයට භාෂාව හසුරවා තිබිය හැක.

Ø  එම නිසා ඔබ බෙදා ගැනීමට සැරසෙන තොරතුරු වල නිරවද්‍යතාවය පිළිබදව යළිත් වරක් සිතන්න.

Social Sharing
නවතම