ජීනිවා යෝජනා ක්‍රියාත්මක නොකළහොත් අන්තර් ජාතික යාන්ත්‍රණයක්? – මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය

තව දින 10 කින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලියේ 46 වන සැසිවාරය ආරම්භ වන අතර මේ සැසිවාරය කරුණු 02 ක් නිසා ලංකාවට වැදගත් වන බව මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි.

පළමු කරුණ නම් ඒ් මේ සැසිවාරයට මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරන වාර්තාවය. ඒ් වාර්තාව මඟින් ශ්‍රි ලංකාව කවුන්සලය විසින් සම්මත  කර ඇති යෝජනා කොයි තරම් දුරකට ක්‍රියාත්මක කර ඇත්ද යන්න විමසා බැලීමක් සිදු කෙරෙන බවද  ( දැනටමත් එ් වාර්තාව ඉංග්‍රිසි බසින් පළ වෙලා තිබෙනවා) ඒ් වාර්තාවට අනුව මහ කොමසාරිස්වරිය ලංකාව ගැන සතුටට පත් වී නොමැති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක් යැයි ද ඔහු පවසා සිටියි.

ඒ් වාර්තාවේ ඇය උග්‍ර ලෙස යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර ඇය පවසන්නේ යුද සමයේ සිදු වු මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වසර 11 ක් ගියද ශ්‍රී ලංකා ආණ්ඩුවට හැකි වී නොමැති බවත්  ඒ් නිසා ඇය යෝජනා කර සිටින්නේ මේ ප්‍රශ්නය ලංකාවට විසඳිමට නොහැකි නිසා අන්තර් ජාතික යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් යැයි සුනන්ද දේශප්‍රිය මහතා පැහැදිලි කර සිටියි.

ඔහු ජිනීවා සම්බන්ධව මෙසේද පැවසුවේය.

2010 සිට 2015 දක්වා මෙරට සංචාරය කරන ලද එක්සත් ජාතීන්ගේ විශේෂ  නියෝජිතයින් දස දෙනෙක් සංචාරය කර ඇති අතර ඔවුන් ඒ් සම්බන්ධ වාර්තාවක්ද නිකුත් කර තිබෙනවා.  ඒ් වාර්තාව අනුව  ඔවුන් කියා ඇත්තේ වධහිංසා පැමිණවීම්, අතුරුදහන් කරවීම්, ස්ත්‍රී ගැටලු, සිරකරු ගැටලු, ළමා අයිතිවාසිකම්  ආදි සම්බන්ධයෙන් යුද සමයට අදාල නොවන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් නිර්දේශ / යෝජනා සිය ගණනක් ලබා දුන්නද ලංකාණ්ඩුව එය ක්‍රියාත්මක කර නොමැති බව පවසා ඇත. ඒ් නිසා ඔවුන්ද කියා සිටින්නේ අන්තර් ජාතික යාන්ත්‍රණයක් ලංකාවට අවැසි බවය. ලංකාවට වැදගත් වන දෙවැනි කරුණ වන්නේ එයයි.

ලංකාණ්ඩුව මෙයට කිසිසේත් කැමති වන්නේ නැහැ. ඔවුන් ගිය වසරේ මාර්තු මාසයේදි යෝජනා රැසකින් ඉවත් වුණා. එලෙස ඉවත් විය නොහැකි වුණත් ඔවුන් ඒ් පිලිබඳ ප්‍රකාශ කරලා තිබෙනවා.

මේ සම්බන්ධ වැඩිදුර ඔහුගේ ප්‍රකාශය පහත වීඩියෝව නරඹන්න.

Social Sharing
නවතම