එදා දරුණුයි කී ලොකු සර් අද කෑස්බෑවේ සිටින ලොකුගේ සීයාටත් බයවෙලා!

ගාමිණි ලොකුගේට කොවිඩ් පනතට අදාලව නීතිය ක්‍රියාත්මක කරන්න බැරි ඇයි? පුජ්‍ය උලපනේ සුමංගල හිමියන්

එදා දරුණුයි කී ලොකු සර් චීනයට පමණක් බය ඇති කියා සිතුවත් ආණ්ඩුව  අද කෑස්බෑවේ සිටින ලොකුගේ සීයාටත් බය බව පිළියන්දල ඇති වූ සිදුවීමෙන් පෙනෙනවා යැයි පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි.

මුඛ ආවරණ නොමැති වුවන්ට කොවිඩ් පනත අනුව දඬුවම් දෙන බවත් නමුත් මේ ආණ්ඩුව කොයිතරම් නිවට තත්ත්වයට පත් වෙලා තියෙනවද කියනවනම් වැඩි පිරිසක් ආසාදිත තත්ත්වයට පත් වෙච්ච නිසා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණයකින්  වසා දැමුණු පිළියන්දල නගරය ගාමිණි ලොකුගේ ඇමතිවරයාගේ නියෝගයකින් පැය අටක් යාමට පෙර විවෘත කෙරුණු බවත් ඒසේ නම් කොවිඩ් පනතට අදාලව මේ රටේ නීතිය ඔහුට ක්‍රියාත්මක නොවුනේ මන්දැයි උන් වහන්සේ ප්‍රශ්න කර සිටියි.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියගේ අනුදැනුමකින් තොරව මෙම දේශපාලන නියෝගය අරන් තිබෙන බව පැහැදිලිවම ඇය පවසා සිටියදීත්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුදැනුමකින් තොරව මෙය සිදුවුවක් බව පැහැදිලිව කියා සිටියදී එදා ශක්තිමත් ආණ්ඩුවක් බව පුරසාරම් දෙඩු අය අද අඩුම තරමින් ලොකුගේට විරුද්දවවත් තීන්දුවක් ගන්න බැරි කොන්දක් නැති, පඹයෝද මේ රට පාලනය කරන්නේ යැයි විමසා සිටියි.

මේ ආණ්ඩුව තමන් බලයට පත් වීමට පෙර බලය ලබා ගැනීම වෙනුවෙන් රටේ මහජනතාව නොමඟ යවා බොරු ජාතිවාදයක්, බොරු ආගම්වාදයක්, බොරු දේශප්‍රේමීත්වයක් රට තුල නිර්මාණය කර බොරුවෙන් බලයට පත් වු බවත් ඒ බොරුව ප්‍රතිපත්තිය කරගත් ආණ්ඩුව අද කිසිදු ලැජ්ජාවකින්, බියකින් තොරව බොරුවම පවත්වාගෙන යමින් තිබෙන බව උන් වහන්සේ පවසයි.

මේ ආණ්ඩුව බලයට පත් වී ප්‍රථමයෙන්ම සිදු කරන ලද්දේ මෙරට තිබු ප්‍රජාත්‍රන්තවාදය හකුලා ගැනීමට මඟ පාදන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම බවත් ඉන් පසු  රට සංවර්ධනය කිරීමට යැයි පවසා 2/3 ක බලය ලබා අද චීනය දකිනකොට දෙකට නැමි සිටින බවත් ගත් බවත් පෙන්වා දෙන උන් වහන්සේ විමසන්නේ එදා කෙලින් වැඩ කරනවා කී ලොකු සර් දැන් කෝ? යන්නය.

-ශානි-

Social Sharing
නවතම