SLBC මුස්ලිම් සේවය වහබ්වාදය ප්‍රචාරය කරනවා – ඥානසාර හිමිගෙන් පැමිණිල්ලක්.

වහබ්වාදී ඇතුලු උන්මතක ඉස්ලාමීය මත මෙරට ජනතාවට සන්නිවේදනය කිරීම සඳහා මහජන බදු මුදලින් නඩත්තු කරන ජාතික ගුවන් විදුලියේ මුස්ලිම් සේවය පාවිච්චි කරන බව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් චෝදනා කර සිටියි.

ජාතික ගුවන් විදුලිය පාවිච්චි කර වසර අටක පමණ කාලයක සිට මෙරට ජාතීන් අතර ඇති සංහිඳියාව බිඳිමින්, ගොඩනඟමින් ඇති ඉතා දරුණු අන්තවාදී මත සමාජගත කරමින් තිබු අතර පාස්කු ප්‍රහාරයේදී ඔප්පු කර පෙන්වුයේ ඉස්ලාමීය උන්මන්තක කල්ලි මෙරට වර්ධනය වෙමින් පවතින බවත්, එය  මෙරට සියලු දෙනා විවාදයකින් තොරව පිළිගත් බවද  උන් වහන්සේ පවසයි.

මේ සම්බන්ධයෙන් අද (21) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ජනමධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හමුවී ඊට සම්බන්ධ සියලු තොරතුරු ලබා දීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ උන් වහන්සේ මෙසේද පැවසුවේය.

”අපි ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයාට කතා කළා. එතුමා යම් යම් ක්‍රියාමාර්ග ගත්තා මේක නතර කරන්න. නමුත් අවාසනාවකට ඒ පිළිබඳ මෙලෝ අදහසක් නැති ඇතැම් මුස්ලිම් අන්තවාදී වරදානවලට යටත් වුණ සමහරක් නිලධාරීන් විශේෂයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙන්න පුළුවන් වෙනත් පාර්ශවයන් වෙන්න පුළුවන් මුදල්වලට හෝ වෙන මොන යම් හෝ වරදානවලට යටවෙලා මේ වැඩපිළිවෙල තවමත් බොහොම ජයට ගුවන් විදුලි සංස්ථාවේ කරගෙන යනවා”

අද ජනමාධ්‍ය අමාත්‍යවරයා හමු වී ඒ සියලු නම්, තොරතුරු  අප ලබා දුන්නා. වහාම මේ ගැන සොයා බලා  ඔවුන්ගේ සේවය නතර කර මුස්ලිම් ආගමික කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කරන ලෙසත් ඉල්ලා සිටියා.

 

Social Sharing
නවතම