“අධිකරණ ඇමති සිංහල සමාජයේ ටෙන්ෂන් එක දැනගෙන වැඩ කරන්න” – ඥාණසාර හිමි

සිංහල සමාජයේ ටෙන්ෂන් එක දැනගෙන ඉවසිමෙන් හා සංයමයෙන් වැඩ කරන ලෙස අලි සබ්‍රිට කියන බව බොදුබල සේනා සංවිධානයේ පුජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.

මුස්ලිම් මෘත දේහ අදාහනය නොකර භූමිදානය කිරීම සම්බන්ධයෙන් දේශපාලඥයෝ මැදිහත් නොවිය යුතු කරුනක් වගේම එය ඉතා සංවේදී කරුණක් බවද,  අලි සබ්‍රි ඕනෑවට වඩා වැඩි බවත්, ඔහු කවුරුද කියා තේරුම් ගත යුතු බවත් උන් වහන්සේ පවසයි.

2015 පැමිණි ආසාද් සාලි, මුජිබර් රහුමාන්ලා පැමිණ කා දැම්මා වගේ මොහු තනිවම කන බවද අලි සබ්‍රි යනු ආධුනිකයෙක් වන අතර ඔහුට අධිකරණ අමාත්‍යධුරය දුන්නා කියා මේ රටේ නායකකම දී නොමැති බවද ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් කියයි.

මේ මුස්ලිම් මෘතදේහ භූමිදානය කිරීම සම්බන්ධයෙන් කථිකාවතක් පැමිණ ඇති අතර ඊට පාර්ශව ගණනාවක් මත පළ කර ඇතැයිද සෞඛ්‍යමය කාරණාවක් නොවෙනවනම් භූමිදානය කිරීම තමා වැදගත් බවද උන් වහන්සේ පවසයි.

ඔවුන්ගේ ආගමේ අයිතිය පිළිගත යුතු නමුත් සෞඛ්‍යමය කාරණා නිසා ඒ විශේෂඥ මතයට ඉඩහරිනු විනා ඒවාට තර්ක විතර්ක ගෙනවිත් සිංහල- මුස්ලිම් ආතතියක් ඇති නොකළ යුතු යැයිද උන් වහන්සේ කියයි.

මේ සංවේදි කරුණු දේශපාලන වේදිකාවේ ඉස්මතු කළහොත් කිනක් සිටින තරුණයින් පවා අන්තවාදයට යොමු වියහැකි බවත් අලි සබ්‍රිලාට, බදියුර්දින්ලාට, හකීම්ලාට  අවශ්‍ය කරන්නේ එයද කියා උන්වහන්සේ වැඩිදුරටත් විමසා සිටියි.

Social Sharing
නවතම