නැඟුනේ “සුළු දුමාරයක්” පමණයි! කිසිඳු දේපල හානියක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ, අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්නක් හට ගත්තේ ඊයේ (15) පස්වරු 4.30 ට පමණය. කළු දුමාරය කොළඹ අහස පුරා පැතිර යද්දී රටේ බොහෝ දෙනෙක් කලබලයට පත් වූයේ එහි ලේඛණාගාරය ගිණි ගෙන ඇති බවටය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ගිනි නිවන හමුදාව පැමිණ පැය කිහිපයක් ගත වීමෙන් පසු ගින්න මැඩැපැත්වීමට හැකි විය.

ඉන් අනතුරුව එම ස්ථානයට අග විනිසුරුවරයාත්, නීතිපතිවරයාත්, පොලිසීයේ ඉහළ නිලධාරීන් රැසකුත් ගොස් උපරිමාධිකරණ සංකීර්ණය පරීක්ෂා කලහ. එහිදී හෙළි වුයේ මෙම ගින්නෙන් ලේඛණාගාරයට හෝ කිසිඳු අනෙකුත් දේපලකට හානියක් සිදුව නොමැති බවය.

මෙම ගින්න හටගෙන තිබුනේ උපරිමාධිකරණ සංකීර්ණයේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ බිම්මහලේ තිබු අබලි ද්‍රව්‍ය ගබඩා කර තිබු කාමරයකය. වායු සමීකරණ අලුත්වැඩියා කිරීමෙන් පසු ඉවත් කරන ලද කොටස් මෙම ගින්නෙන් හානියට පත්ව තිබේ.

මේ සම්බන්ධයෙන් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර ඇති අතර  පොලිස්පතිවරයා විසින්ද  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශනයක් ආරම්භ කරන ලෙස උපදෙස් ලබා දී ඇත. ඒ අනුව  එහි පොලිස් අධිකාරිවරයෙකුගේ  ප්‍රධානත්වයෙන් ඊයේ (15) සවස සිට විමර්ශණ ආරම්භ කර ඇත.

ඒ අනුව උපරිමාධිකරණ සංකීර්ණයේ ආරක්ෂක අංශයේ හා නඩත්තු අංශයේ සේවකයින්ගේ ප්‍රකාශ සවිස්තරාත්මකව ලබා ගෙන අතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

තවද නැඟුණු සුළු දුමාරය අවසන් වූ වහාම පසු දින සිට නැවත අධිකරණ කටයුතු ආරම්භ කරන බවත් ඔහු පවසා සිටියේය.

එමෙන්ම මෙම ස්ථානයට විදුලි ඉංජිනේරුවා පැමිණ පරීක්ෂා කර ඇති අතර රජයේ රස පරීක්ෂකවරයාද පැමිණ පරීක්ෂා කර ඇති අතර, අද (16) දිනයෙත් ඔහු නිරීක්ෂයට පැමිණෙන බවත් ඊට ‌පොලිස් අපරාධ නිරීක්ෂණ නිලධාරීන් ඊට සහාය වීමට සුදානමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

 

fire in the Supreme Court complex ajith rohana

-ශානිකා-

Social Sharing
නවතම