ආනයන සීමා කිරීමට එරෙහිව යුරෝපා සංගමයෙන් ටොක්කක්

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් දූත මණ්ඩලය කොළඹ පිහිටි ප්‍රංශ, ජර්මානු, ඉතාලි, නෙදර්ලන්ත හා රුමේනියානු තානාපති කාර්යාල හා එක්ව ශ්‍රී ලංකාවේ ආනයන සීමා කිරීම් ප්‍රතිපත්තිය පිළිබදව හා ජීනීවා මානව හිමිකම් කවුන්සලයේ 30/1 යෝජනාවෙන් ඉවත් වීමේ තීරණය පිළිබදව නිවේදනයක් නිකුත් කර තිබේ.

එකී නිවේදනයෙන් පෙනී යන්නේ ඉහත තීරණ දෙකම යුරෝපා සංගමයේ කණස්සල්ලට හේතු වී ඇති බවයි. ඒ පිළිබද ශ්‍රී ලංකා රජයට කල අවවාදාත්මක නිවේදනයක් ලෙසද මෙම නිවේදනය හැදින්විය හැක.

ලංකාවේ දෙවන විශාලතම අපනයන වෙළද පොළ යුරෝපය බවට අවධාරණය කරන යුරෝපා සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වර්ෂ 2018 හා 2019 තුළදී පමණක් යුරෝපය හා ගනුදෙනු කිරීමෙන් ශ්‍රී ලංකාව යූරෝ බිලියනයකට වැඩි එනම් රුපියල් බිලියන 220කට වැඩි ධනාත්මක වෙළද ශේෂයක්  ශ්‍රී ලංකාව අත් කර ගෙන ඇති බවත් පෙන්වා දෙයි. තීරු බදු හා කෝටා නොමැතිව යුරෝපා වෙළද පොළට පිවිසීමට අවස්ථාව ලබා දුන් GSP + සහනය පිළිබදවද එකී නිවේදනයේ මතක් කරයි.

මේ සියළු කරුණු මතක් කරමින් මෙම නිවේදනයෙන් ඔවුන් අවධාරණය කරන්නේ වෙළදාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවන බවයි. ශ්‍රී ලංකාවේ වර්තමාන ආනයන සීමා හේතුවෙන් එය ශ්‍රී ලංකාවේ හා යුරෝපයේ ව්‍යාපාර වලට මෙන්ම විදේශ ආයෝජන වලට බලපෑම් එල්ල වී ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි. ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ දිගින් දිගටම ආනයන සීමා පැනවීම ලෝක වෙළද සංවිධානයේ නියමයන්ට අනුකූල නොවන බවත් පෙන්වා දෙයි.

30/1 යෝජනාවෙන් ඉවත් වීමේ ශ්‍රී ලංකාවේ තීරණය ගැනත් සිය අවධානය යොමු වී ඇති බව පෙන්වා දෙන යුරෝපා සංගමය

ජාත්‍යන්තර බැඳීයාවන් හා අනුගත වෙමින් ශ්‍රී ලංකාව සමග ශක්තිමත් සබදතාවයන් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව පවසමින් එකී නිවේදනය අවසන් කරයි.

සම්පූර්ණ නිවේදනය පහතින්.

 

ආනයන සීමා කිරීමට එරෙහිව යුරෝපා සංගමයෙන් ටොක්කක්

සිංහල

ආනයන සීමා කිරීමට එරෙහිව යුරෝපා සංගමයෙන් ටොක්කක්

ආනයන සීමා කිරීමට එරෙහිව යුරෝපා සංගමයෙන් ටොක්කක්

Social Sharing
නවතම