කොකු ගහලා ඇදන් යන ආණ්ඩුවක් අපිට අවශ්‍ය නැහැ! – ඇල්ලේ ගුණවංශ හිමියන්

වැඩියෙන්ම විනාශයන්ට පාර කපා ඇත්තේ පහුගිය යහපාලන රජය කාලයේදී බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.

ඒ පාරේම මේ රජයත් යාමට සුදානම් වන්නේ නම් ඊට එරෙහිව ඇප කැප වී ක්‍රියා කරන බවද උන් වහන්සේ පවසයි.

උන් වහන්සේ පවසන්නේ පහුගිය වසර 72 පුරාම බලයට පත් වු සියලු රජයන් මේ රටේ සම්පත් විනාශ කිරීම සම්බන්ධව වගකිව යුතු බවත් ඔවුන්ට ප්‍රතිපත්ති තිබුණාට, නීතිරීති තිබුණාට ඒවා ක්‍රියාත්මක නොවුන /නීතිය ස්ථාපිත නොවුන රටක් බවය.

වන සම්පත් විනාශ කරන දේශපාලඥයන් පිලිබඳවද තොරතුරු මේ වන විට මහජනතාවගෙන් ලබා ගනිමින් සිටින බවත් තවදුරටත් මහජනතාවට ඒ සඳහා තොරතුරු ලබා දිය හැකි බවත් පවසන උන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ විනාශයන් ඇතැම් නිලධාරීන්ගේ සම්බන්ධයක් නැතිව කළ නොහැකි බවත් ඔවුන්ගේද යම් සම්බන්ධයක් ඇති බවය.

යහපාලන රජයේ යම් යම් විෂමචාර ක්‍රියා කළ නිලධාරීන් අද රටේ නැති බවත් ඒ නිසා නිලධාරින් තමන්ගේ වගකීම් නිසි ලෙස ඉෂ්ට කළ යුතුව ඇතැයිද එසේ ඉටු කරන්නේ නම් ගැටලු ඇති නොවන බවද පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.

අද අවශ්‍යව ඇත්තේ කොකු දමා ඇදගෙන යන ට්‍රේලරයක් නොවන බවත් කොකු නැතුව යන ට්‍රේලරයක් අවැසි බවත් ආණ්ඩුවත් එලෙස විය යුතු යැයිද උන් වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

ඊයේ (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේය.

 

ශානි

Social Sharing
නවතම