ඇමති දයාසිරි දින තුනකින් සනීප කරන්න රිටිගල වෙද මහතා ඉල්ලයි.

මේ වන විට නව කොවිඩ් 19 වෛරසය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාටද වැලඳි ඇති බව තහවුරු වී ඇත. මේ වසංගතය ආසාදනය වූ පළමු අමාත්‍යවරයා යවන්නේ ඔහුය. මේ වන විට ඔහුව ඇසුරු කළ පළමු පෙළේ පුද්ගලයින් නිරෝධායනයට යොමු කර ඇති අතර දෙවැනි පෙළ ආශ්‍රිතයින් හඳුනා ගනිමින් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර රිටිගල වෙද මහතා පවසන්නේ අමාත්‍යවරයා  අවසර දෙනවානම් දින තුනකින්  ඔහුව සුවපත් කිරීමේ අභියෝගය භාර ගන්නා බවය.

මේ වන විට ඊට ඉල්ලීම් කර ඇති බවත් පිලිතුරක් අපෙක්ෂාවෙන් සිටින බවද රිටිගල වෙද මහතා පවසයි.

අවුරුදු 9500 ක ඉපැරණි පරපුරකින් නිර්මාණය වන මේ බෙහෙත අමාත්‍යවරයා කැමති නම් ඔහු සිටින ඕනෑම තැනකට ගොස් ලබා දී ප්‍රතිකාර කළ හැකි යැයිද රිටිගල වෙද මහතා කියයි.

මේ අතර අද මාධ්‍ය වලින් අනාවරණය කර තිබුණේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය බිවු පවුලකටම කොවිඩ් ආසාදනය වී ඇති බවය. එමෙන්ම මේ වන විට කෑගල්ලේ පැතිර යන වෛරසයේ දැඩි උණක් සහිත රෝගීන් හමු වීම නිසා මෙය කොවිඩ් 19 වෛරසයේ තවත් ප්‍රභේදයක්ද යන්න සෞඛ්‍ය අංශ සැක පහළ කර ඇත.

Social Sharing
නවතම