“දිලිප් වෙදආරච්චි මහතා අමු මාළු කෑමෙන් පසු මාළු  මිල ඉහල ගිහින්”  ධීවරයෝ කියයි.

පෑලිගොඩ මත්ස්‍ය වෙලඳ සංකිර්ණයෙන්ද නව කොරෝනා පොකුරක් බිහි වීමත් සමඟ ලංකාවේ ජනතාව මාළු මිලදී ගැනීමට සහ පරිභෝජනයට බිය විය. මේ නිසා ධීවර කර්මාන්තයේ යෙදුන ධිවරයින්ගේ මත්ස්‍ය අස්වැන්න අලෙවි කර ගැනිමට නොහැකි විය. ධීවර කර්මාන්තය කඩා වැටුණු අතර ධීවරයින් පත් වුයේ දැඩි අපහසුතාවයකටය.

මේ අතර මහජනයා  මාළු මිලදීගැනීම සහ පරිභෝජනයට බියවීම වළකමින් ඒ කෙරෙහි උනන්දුව ඇති කිරීම සඳහා  ධීවර හා ජලජ සම්පත් හිටපු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අමු මාළු අනුභව කළේ ඉකුත්  17 දාය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති  මාධ්‍ය හමුවකදී  අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ,  ධීවර ප්‍රජාව වෙනුවෙන් මේ වනවිට කළ යුතු හොඳම දෙය නම්, මාළු පරිභෝජනට බිය නොවීම බවය. කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ධීවර ප්‍රජාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව කී ඒ මහතා, ඔවුන්ට සහයෝගය පළ හැකි එකම ක්‍රමය වන්නේ, මාළු මිලදීගැනීම බවත් එලෙසින් කටයුතු කරන ලෙස ජනතාව දැනුවත් කිරීම, රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කලේය.

දිලිප් වෙදආරච්චි මහතා අමුවෙන් මාලු කෑම පිලිබඳ සමාජයේ දැඩි කතාබහක් ඇති කළ අතර පාර්ලිමේන්තුවේදී පවා ඔහුට උසුලු විසිලු කිරීමට ඇතැම් මන්ත්‍රිවරුන් පියවර ගෙන තිබුණි.

නමුත් අද (23) වන විට තංගල්ල ධිවර වරායේ ධීවරයින් පවසන්නේ දිලිප් වෙදආරච්චි මහතාගේ එම ක්‍රියාවෙන් පසු තමන්ගේ මත්ස්‍ය අස්වැන්න යළි අලෙවි වීමට පටන් ගෙන ඇති බවය. එමෙන්ම මාළු මිල ඉහළ යමින් පවතින බවය. වෙනදා රුපියල් 50-100 ට වත් අලෙවි කර ගැනිමට නොහැකි වූ මාලු වලට දැන් ඉහළ මිලක් නියම වන බවය.

අද (23) අලුයම දිලිප් වෙදආරච්චි මහතා තංගල්ල ධිවර වරායට පැමිණි අතර එහිදී ධීවරයින්ගෙන් ඔහුට දැඩි උණුසුම් පිලිගැනිමක් හිමි විය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වු ඒ මහතා කියා සිටියේ තමන් එදා මෙතැනට පැමිණ දවසේ මාළුවෙකු රැගෙන ගොස් ඒ කර්ත්‍යවය කළේ සමස්ත ධිවර ජනතාව වෙනුවෙන් බවය.  පාර්ලිමේන්තුවේදි තමන්ට දොස් කියමින් අමු මාළු කන්නේ පූසා, කොකා, දිය බල්ලා, කපුටා, කිඹුලා , මෝඩයා, මාළු ගැන දන්නේ නැති එකෙක් කියා චෝදනා කළ බවත් තමන් අමු මාළුවෙකු කෑවේ ජනතාවට මාළු කන්න භය වෙන්න එපා කියන අදහස දෙන්න බවද ඔහු පැවසුවේය.

ලාන්සා තමන්ට චෝදනා කළේ කොරල පිටින් මාළුවෙකු කෑ බවට වන නමුත් අලබොඩුවාගේ කොරල නැතැයිද මාළු ගැන දන්නේ නැත්නම් මාළු ගැන දන්න රාජ්‍ය අමාත්‍ය විජේසේකර මහතාගෙන් අසා දැනගන්නා ලෙසද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ශානිකා / චන්ද්‍රසේන ගමගේ

Social Sharing
නවතම