ධම්මික බණ්ඩාරගේ හැසිරීම ගැන වහා පරීක්ෂණයක් කරන්න – GMOA

මේ දිනවල රටේ හැමෝම කථා වෙන්නේ ධම්මික බණ්ඩාරගේ පැණිය ගැනය. විශේෂයෙන්ම ඔහු පහුගියදා අනුරාධපුරයේ ගොස් හැසිරුණු ආකාරය පිලිබඳ සමාජ මාධ්‍ය වල නොයෙක් කථා නිර්මාණය විය.

කෙසේ නමුදු දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසන්නේ එම සිදුවීමෙන් පසු තමන්ට කොරෝනා පැණිය සම්බන්ධයෙන් තිබු විශ්වාසය නැති වී ගිය බවය.

දේශීය වෛද්‍ය කර්මයට සහ රජයේ අනුග්‍රහය ලබන ආයුර්වේදයට ඉඩ ලබා දිය යුතු බවත් කාලි පැණි කෙරෙහි විශ්වාසය නොතැබිය යුතු බවය. එමෙන්ම  කාලි, කතරගම වැනි දෙවිවරුන් පිළිබඳව විශ්වාසයක් නොමැති බවත්ය.

මන්ද කාලි, විෂ්ණු, පත්තිනි ආදී දෙවිවරු සිටියා නම් අද මෙහෙම බරපතල ව්‍යවසනයකට සමාජය මුහුණ දෙන්නේ නැති බවත්, අප තවමත් විශ්වාස කරන්නේ ඉඟුරු, කොත්තමල්ලි පැණිය පමණක් බවද උන් වහන්සේ පවසයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පවසා සිටින්නේ ධම්මික බණ්ඩාර නැමැත්තා (16) අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේ ඉදිරියේ හැසිරුණ ආකාරය ඉතා කණගාටුදායක බවත් පැණිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවන අතර ඔහුගේ හැසිරීම ගැනද පරීක්ෂණයක් කළ යුතු වන බවය.

මෙම පැණිය ගැන පරීක්ෂා කිරීම සඳහා කමිටුවක් පත්කර තිබෙන මොහොතක මෙම තැනැත්තාගේ හැසිරීම පිළිගත නොහැකි අතර ඔහු පවසන අන්දමට වෛද්‍යවරයෙක් නම් එම හැසිරීම වෛද්‍යවරයෙකුටද නොගැළපෙන බව අළුත්ගේ මහතා කියා සිටියි.

ධම්මික බණ්ඩාර නමැත්තාගේ මේ පැණිය පරීක්ෂා කිරීම කඩිනම් කරන ලෙස අගමැතිවරයාත් උපදෙස් දී තිබෙන පසුබිමක ඊයේ දින රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා ඇත්තේ ඊට අදාළ මූලික ලියකියවිලි හෝ මේ තැනැත්තා විසින් ජාතික පර්යේෂණ සභාවට ලබා දී නැති බව වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පැවසීය.

එය ආයුර්වේද ඖෂධයක් ලෙස නම් ලියාපදිංචි කරන්නේ එය ආයුර්වේද වෛද්‍ය කර්මය තුළ භාවිතා කිරීමේ කිසිදු වැරැද්දක් නැති නමුත් බටහිර වෛද්‍ය විද්‍යාව උගත් වෛද්‍යවරු ලෙස නොදන්නා දෙයක් භාවිතා කිරීමට නොහැකි බවද වෛද්‍ය හරිත අළුත්ගේ මහතා වැඩිදුරටත් ඊයේ (17) දින මාධ්‍ය හමුවකදී  කියාසිටියේය.

Social Sharing
නවතම