මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය වහා තහවුරු කරනු!

මාධ්‍ය නිදහසට ගරු කරමින් මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනයන්ට නිදහසේ  ඔවුන්ගේ වැඩකටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සළසාදෙන ලෙස  මියන්මාරයේ බලය පැහැරගෙන සිටින හමුදා බලධාරීන්ගෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය ඉල්ලා සිටියි.

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නියෝජිතයන් අත්අඩංගුවට ගනිමින්, රටේ පාලන බලය මියන්මාර හමුදාව විසින් පැහැර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) සහ ආසියා-පැසිෆික් අනුබද්ධ මාධ්‍ය සංවිධාන සමඟ එකතු වෙමින් මියන්මාර මාධ්‍යවේදී සගයන් වෙත සහයෝගීතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

මේ නිවේදනය නිකුත් කර ඇත්තේ එහි ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහතාගේ අත්සනින් යුතුවය.

පෙබරවාරි 1 වන දින මියන්මාරයේ හමුදාව, ප්‍රජාත්නත්‍රවාදීව බලයට පත්වූ අවුන් සාන් සූ කී ඇතුළු දේශපාලන නායකයන් සහ ක්‍රියාකාරීන් 45 කට අධික ප්‍රමාණයක් රඳවා තබා ඇති බව වාර්තා වන අතර මියන්මාරයේ රාජ්‍ය මාධ්‍ය ජාලය වන MRTV විකාශය නැවතී ඇති බවත් මියන්මාර අන්තර් ජාල හා දුරකථන පහසුකම් සීමා කිරීම නිසා ජනතාව පීඩා විඳින අතර එය මාධ්‍ය නිදහසට බරපතල තර්ජනයක්ව ඇතැයිද එම නිවේදනයෙන් කියා ඇත.

මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට තර්ජනය  කරමින්, ශාරීරිකව පහරදීම් පිළිබඳව ද වාර්තා වන  අතර ඒ පිළිබඳව ද  සම්මේලනයේ දැඩි කනස්සල්ල පළකර සිටියි.

මියන්මාරයේ ජනතා යහපත උදෙසා වඩාත් හොඳින් සේවය කළ හැක්කේ සත්‍යයෙන් මිස මර්දනයෙන් නොවන බව එම මාධ්‍ය නිවේදනයෙන් අවධාරනය කර සිටින අතර එබැවින් රටේ සියලු පුරවැසියන්ට තොරතුරු ලබා ගැනීමේ ප්‍රවේශයන් කඩිනමින් යථා තත්ත්වයට පත් කරන ලෙස  මියන්මාරයේ තොරතුරු හා සංනිවේදන අමාත්‍යාංශයෙන් දැඩිව ඉල්ලා සිටීන බවද එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් ඉල්ලා ඇත.

Democracy in Myanmar

Social Sharing
නවතම