“දිල්ලි චලෝ” – අදානි, අම්බානි ගේ ව්‍යාපෘති කිරීමට මෝදිට බැහැ!

දිල්ලියේ අගනුවර කඳවුරු බැඳ සිටින විරෝධතාවයේ  නිරත ගොවීන් ඔවුන්ගේ ඉල්ලීම් ඉටු නොවන්නේ නම් ඔවුන්ගේ උද්ඝෝෂණය ත්‍රීව කරන බවට අනතුරු අඟවා තිබේ. ජනවාරි 2 දා ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනරජ දිනය සමරන ජනවාරි 26 වන දින ට්‍රැක්ටර් පෙළපාලියක් සමග උද්ගෝෂණයක් සංවිධානය කරන බවයි.

අරගලයේ  ආරම්භය

කොවිඩ් ගෝලීය වසංගතය ඇති දරුණු ලෙස ඉන්දියාවට පහර දෙන මොහොතක භාරතීය ජනතා පක්ෂය පවතින හදිසි තත්වය  භාවිතා කරමින් සැප්තැම්බර් මාසයේදී පාර්ලිමේන්තුව හරහා කෘෂිකර්මාන්තය සදහා වන අදාල වන ගොවි පනත් තුනක් ඉවත් කිරීමට රජය පෙළඹී ඇත. නව නීති මගින් කෘෂි ව්‍යාපාර වලට  හා ව්‍යාපාරිකයන්ට ලබා දීමට  උත්සහ කරන පුරන නිදහස ට එකඟ වීමට ගොවින් කිසිසෙත්ම සුදානම් නැත ඔවුන් කියා සිටින්නේ රජය මේ සියලු පනත් වහා හකුලා ගත යුතු බවයි .

අරගලයේ පළමු වෙඩි මුරය පන්ජාබ්, හරියානා, රාජස්තාන්, මෙන්ම උත්තර ප්‍රදේශ් වලින් ආරම්භ වූ අතර මෙයට රට පුරා ගොවින් මෙයට සම්භන්ධ වෙමින් පවතී. මීට පෙර දෙසැම්බර් 30 වන දින පැවති සාකච්ඡා වටයකදී ගොවීන්ගේ ඉල්ලීම් හතරෙන් දෙකක් රජය පිළිගත්තේය. කෙසේ වෙතත්, ගොවි නීති ඉවත් කර ගැනීම සහ අවම ආධාරක මිල පිළිබඳ නීතිමය සහතිකයක් ලබා දීම රජය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. නමුත් රජය ගොවින් ගේ ඉල්ලීම් දෙකක් පිළිගැනීමට එකඟ වී ඇත. එනම් පිදුරු පුළුස්සා දැමීම සාපරාධි ක්‍රියාවක් ලෙස ගෙන තිබු නීතිය ආපස්සට ගැනීමටත් ගොවීන්ගේ විශේෂ සහනාධාර ඇපයට තබා ගනිමින් ලබා දීමට යෝජනා වී තිබූ විවාදාත්මක විදුලි පනත 2020 අවලංගු කිරීමටත්ය.

විරෝධතා දැක්වීමේදී, බොහෝ බාධක බිඳ දමා, ජල කාලතුවක්කුවලට හා කඳුළු ගෑස් වලට මුහුණ දෙමින් සිටින මෙම ගොවීන් – ට්‍රැක්ටර් අසල වාඩි වී මෙම පෙළපාලිය පෙළ ගැසෙති. අන්ත දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂ රජය ගොවි පනත් තුන ඉවත් කරන තුරු ඔවුන් පසුබසින්නේ නැති බව ගොවීන් එක හෙලා ප්‍රකශ කර සිටි. එමෙන්ම අරගලයට සහයෝගය ලබා දෙමින් සෑම ප්‍රසේධයකම ගොවින් ආහාර රැගෙන දිල්ලියට පැමිණීමෙන් සිටි. ගොවින් කියා සිටින්නේ මාස 6 ක් කදවුරු බැද ගැනීමට අවශ්‍ය ධාන්‍ය පවා ඔවුන් රැගෙන එන බවයි. මේ වන විට මිලියන 5 පානම පිරිසක් අරගලය හා එක්ව සිටින බවත් ප්‍රාන්ත 22 මේ වන විට උද්ඝෝෂණයන් ක්‍රියාත්මක වන බවත්ය.

විශේෂයෙන්ම ගොවීන් ගේ අරගලයට  පුර්ණ සහයෝගය ලබා දෙමින් ශිෂ්‍ය ව්‍යාපාරයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, විරුද්ධ පක්ෂ සාමාජිකයන් මෙන්ම වෘත්තීය සමිති සටනට එළඹී ඇත.

නීති වෙනස් කරමින් රජය පවසන මිත්‍යාව

ලෙස රජය කියා සිටින්නේ “ගොවින්ට නිදහස” ලැබෙන බවයි. ඒ අනුව රජය කියා සිටින්නේ තමා කැමති පරිදි තමන්ගේ අස්වැන්න විකුණා ගැනීමට මේ හරහා ගොවීන්ට අවස්ථාව ලැබෙන බවයි. නමුත් ඔවුන් කියා සිටින්නේ රජය ගොවින් මෝඩයාට අන්දමින් රජයේ වගකීම් වලින් බැහැර වී පෞද්ගලික ව්‍යාපාරිකයන්ට වෙළද පොළ අවකාශය සකස් කරන බවයි. ගොවින් කියා සිටින්නේ ඔවුන්ගේ නිෂ්පාදන සදහා ලබා දෙන අවම ආධාරක මිල(MSP-) නීතියක්  ලෙස ගෙන එන ලෙසටය. තවදුරටත් ඔවුන් කියා සිටින්නේ පවතින තත්වය තුල පවා මෙම පාලන මිල යටතේ රජය  මිල දී ගන්නේ 6% පමණක් බවත්, පාලන මිල හේතුවෙන් ඔවුන්ට විවෘත වෙළද පොලට විකිණීම ගැටළුවක් නොවූ බවත්ය .

තව දුරටත් හේතු දක්වන රජය පවසා සිටින්නේ නව නීති හේතුවෙන් “අතරමැදියා අතුරුදහන්  වී ගොවියා, පාරිභෝගිකයාට සෘජුව සම්බන්ධ වන බවයි”. නමුත් ගොවින් පවසන්නේ මෙයින් තවදුරත් වාසි අත්වන්නේ විශාල සමාගම් වලට බවයි.

එමෙන්ම රජය කියා සිටින්නේ අවම අධාරක මිල ගොවීන්ට අවාසි සහගත බැවින් එය අහෝසි කර යුතු බවයි. නමුත් මෙයට ප්‍රබලම හේතුව ලෙස  ගොවින් කියා සිටින්නේ ලෝක වෙළඳ සංවිධානය දිගින්  දිගටම අවම ආධාරක මිල අහෝසි කරන බලපෑම හේතුවෙන් රජය මෙම තීන්දුව ගෙන ති බවයි. එමෙන්ම ඉන්දියාව තවමත් ගොවීන්ට ලබා  දෙන සහනාධාර වල දී ලෝක වෙළඳ සංවිධානය පවසා ඇති මට්ටමට වඩා 10% ක් ඉහලින් තිබෙන බවයි.

ඔවුන් පවසන පරිදි බ්‍රසීලය විසින් සිනි සඳහා වන බදු  පිළිබඳවත්, නවසීලන්තය විසින් ඉන්දියාව දේශීය කිරි සඳහා ලබා දී ඇති ආරක්ෂණ ක්‍රමවේදයන් පිලිබදවත්, කැනඩාව හා ඔස්ට්‍රේලියාව ධාන්‍ය පිලිබදව ඉන්දියානු රජයේ මැදිහත් වීම පිළිබඳව සිටින්නේ නොසතුටින් බවයි. රජයේ මේ සියලු උත්සාහයන් ඒ සදහා වන බැවින් ගොවීන් පසු වන්නේ අධික කේන්තියකිනි.

නීති වෙනස් කරන රජය තව දුරත් කියා සිටින්නේ “එක වෙළදපොලක් හා එක ජාතියක් “ලෙස මේ හරහා නිර්මාණය වන බවයි. ඒ වගේම රජය කියා සිටින්නේ රජය විසින් ගොවීන්ගේ වෙළදපොල හෝ කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳපොළ කමිටුව හෝ අහෝසි  කිරීමට කිසිදු   උත්සහයක් රජය  ගෙන නැති අතර ගොවින් රැවටී ඇති බවයි. නමුත් 2006 දී බිහාර් හී කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳපොළ කමිටුව හෝ අහෝසි  කිරීම නිසා ඇතිවූ අර්බුදය නිසා මෙහි ඇති අර්බුදය ගොවීන්ට වඩා පැහැදිලියි .

ගොවීන්ගේ පවතින තත්වය

ඉන්දියාව තුල 60%-70% ජනතාව ජිවත් වෙන්නේ ගොවිතැනින්, ඔවුන් ඉතාමත් ආන්තිකරණය ලක් වූ ප්‍රජාවක්. රජයේ දැනට පවතින තාවයන් තුල ගොවීන්ට සහල්, තිරිඟු හා බඩ ඉරිඟු වැනි සදහා ලබා දුන්රජයේ සහතික  මිල නව නීති තුල අහෝසි වී යයි.  නව නීති වසර දෙකක් ඇතුලත කළහොත් සිදු වන්නේ රජය වග කීමෙන් ඉවත් වීමයි. මේ හේතුවෙන් සුළු ගොවින් සම්පුර්ණයෙන්ම සුරාකෑමට ලක් වෙනවා. තමන්ගේම ඉඩම් වල සමාගම් වල අවශ්‍යතාවය සම්පුර්ණය කරන  කුලී කම්කරුවන් බවට පත්වීමට නියමිතව තිබෙනවා. ඒ සේම මේ වෙනස් වන නීති අනුව ගොවීන්ට සමාගම් විසින් කිසියම් අසාධාරණයක් සිදුවුවහොත්  එයට විරුද්ධව උසාවි යාමට නොහැකිවී තිබෙනවා. මේ හේතුව නිසා ගොවින් විශාල සමාගම් විසින් සුරාකෑමට ලක් වීමට  නියමිතයි. එමෙන්ම නව නීති හරහා ගොවීන්ට තමන්ගේ සියලු අස්වැන්න ලග තබා ගත හැකි බවට රජය කියා සිටිනවා. නමුත් ඒ සදහා ඔවුන් සතුව ප්‍රමිති ගත ගබඩා පහසුකම් තිබිය යුතුය. නමුත් ඒ සදහා හැකියාවක් ගොවින් සතු වන්නේ නැහැ. මේ නිසා මේ හරහා සමාගම් මේ වන විටත් මේ සදහා සුදානම් වෙමින් සිටිනවා. මේ හරහා නව නීති පද්ධතිය හරහා සිදු වන්නේ ගොවින් දිගින් දිගටම සමාගම් වල අනසකට යටත් කිරීමයි.

සමාගම් වර්ජනය

පාලක භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ අග්‍රාමාත්‍ය මෝදිගේ රජයේ මූලික ප්‍රතිලාභීන් ලෙස සැලකෙන රටේ විශාලතම සමාගම් ඉලක්ක කර ගනිමින් ගොවි කණ්ඩායම් රටේ විශාලතම සමාගම් ඉලක්ක කර ගෙන ඇති ආකාරය දැනට පවතින උද්ගෝෂණයේ එක් ලක්‍ෂණයක් වේ. දෙසැම්බර් 8 වෙනිදා පැවති රටපුරා වැඩ වර්ජනයේ දී විරෝධතා සංවිධායකයින් ඉල්ලා සිටියේ පිළිවෙලින් ප්‍රකෝටිපතියන් වන මුකේෂ් අම්බානි සහ ගෞතම් අදානි සතු රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සහ අදානි සමූහය වැනි ප්‍රධාන සමාගම් වර්ජනය කරන ලෙසයි.

අම්බානි සහ අදානි යනු ඉන්දියාවේ ධනවත්ම මිනිසුන් ය. කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ රජයේ මෑත කාලීන ප්‍රතිපත්ති කෘෂි ආහාර අංශයේ  නවතම ව්‍යාපාර සඳහා ආධාර වන බව පෙනේ. නව නීති යටතේ (MSP) සහ කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳපොළ කමිටු (APMCs) නොපැවතීමත් සමඟ වාරිමාර්ග හා විදුලිය සඳහා රජයේ සහනාධාර ඉවත් කිරීම ගොවීන් වෙළඳපොළේ සහ ආයතනික බලවේගයන් සුරාකෑමට හේතු වනු ඇතැයි පවසයි.

මෙම ඉන්දියානු ධනවතුන්ගේ සමාගම් වර්ජනය කිරීමේ සටන සදහා සිවිල් සමාජ කණ්ඩායම්, දේශපාලන පක්ෂ සහ සාමාන්‍ය පුරවැසියන් යොමු වීම හේතුවෙන් මේ වනවිට මෙම සමාගම් වලට Jio සම්භාන්ධතාවය භාවිතය 700,000 පිරිසක් මෙවන් විට වර්ජනය කර ඇත.

ඉන්දියානු ගොවීන් කියා සිටින්නේ තවදුරටත් ඔවුන් ට රජය ගෙන යන ක්‍රියා මාර්ග ඉවසා සිටීමට නොහැකි බවයි .ඔවුන් පවසා සිටින්නේ මෙය හුදෙක් ගොවින් ගේ ප්‍රශ්න පමණක් සදහා දියත්  වන අරගලයක් නොවන බවයි. මේ වන විට කම්කරු නීති වෙනස් කිරීමට රජය ගන්න උත්සාහ ව්‍යර්ථ කිරීමට කම්කරුවන් අරගලයට සම්බන්ද කර ගනිමින්ද දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සදහා සටන් පාඨ  අරගලයේ ඉදිරියට පැමිණෙමින් තිබෙනවා. මෙය මෑත ඉතිහාසය තුල සිදුවන  විශාලතම ජනතා විරෝධය ලෙස සැලකීමට පුළුවන්. රජය ඔවුන්ගේ හැසිරීම වෙනස් නොකරන තෙක් හා සියලු නීති වෙනස් කිරීම් වලට එකඟ වෙන තෙක් ඔවුන් අරගලය ඇත නොහරින බවට විරෝධතා කරුවන් ප්‍රතිඥා  දී තිබෙනවා

මීට සමගාමීව ලංකාවේ කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්තය ආදනී සමාගමට ලබාදීමට  සියලු කටයුතු සුදානම් වෙමින්  පවතිනවා. ඉන්දියානු ගොවින් හා විරෝධතා කරුවන් කියා සිටින්නේ  කිසි ලෙසකටවත් එයට ඉඩ නොදීමට ශ්‍රී ලංකාව තුල ගොවින්, වෘත්තීය සමති, සිවිල් ප්‍රජාවන් ඒකරාශී විය යුතු බවයි. ඔවුන් කියා සිටින්නේ අපව තවදුරටත් සුරා කෑමට ඉඩ නොදිය යුතු බව හා එක කලාපිය හා ගෝලීය අවශයත්වයක් බවයි

-විමුක්ති ද සිල්වා

Social Sharing
නවතම විදෙස් විශේෂාංග