ආරක්ෂක ලේකම් පෙන්වා නීතිය නවන අනුරාධපුර “හිනා සක්විති”

අනුරාධපුර දිස්ත්‍රීක්ක හා පිටස්තර ප්‍රදේශ කිහිපයක පදිංචි පුද්ගලයින්ට ජපානයෙන් ආනයනය කළ සුඛෝපභෝගි රථවාහන හා ජපානයේ රැකියා දෙන බව කියමින් මුදල් වංචා කරන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයෙකු බව කියනා රජරට හිනා සක්විති යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයාට එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීම නිසි අන්දමින් සිදුකර නැති බව කියමින් ඔහුගේ වංචාවන්ට හසුවූවන් පිරිසක් ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් අද (02දා) ඉදිරිපත් කර තිබේ.

ඔහු 2016 වසරේ සිට අඛණ්ඩව මේ දක්වා මුදල් වංචා කළත් පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමේදි හිඩැස් සහිතව ක්‍රියාත්මක කිරීම නිසා වංචාකරු තවදුරටත් මුදල් වංචා කරමින් සුකෝපභෝගි ජීවිතයක් ගත කරනා බව පැමිණිල්ලේ සදහන්වේ.

අනුරාධපුර මැදවච්චිය කැකිරාව මාවනැල්ල මහනුවර මාතලේ ඇතුළු ප්‍රදේශ රැසක පදිංචි වෛද්‍යවරුන් ගුරුවරුන් ස්වාමින්වහන්සේලා හා ව්‍යාපාරිකයන් සමග ඔහු කිට්ටු ඇසුරු පවත්වමින් වංචාවන් සිදුකර තිබේ.

අනුරාධපුර හා මාතලේ අධිකරණයක මුදල් වංචාවන් සම්බන්ධයෙන් නඩු විභාගවූවත් ඔහු සිදුකර තිබෙන වංචාවන් එකිනෙක සගවා පොලිසිය අධිකරණයට කරුණු වාර්ථා කිරිමෙන් වංචාකරු තවදුරටත් විවිධ පුද්ගලයන් රවටමින් රුපියල් ලක්ෂ ගණනින් ලබාගන්නා බව පැමිණිල්ලේ සදහන්ව ඇත.

අනුරාධපුර කැකිරාව මැදවච්චිය මහනුවර මාවනැල්ල මාතලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් රවටා රුපියල් ලක්ෂ හාරසියකට අධික මුදලක් වංචාකරු මේවනවිට වංචාකර ඇතත් තවදුරටත් නොනවත්වාම ඔහුගේ වංචනික ක්‍රියාවන් ක්‍රියාමක බව පැමිණිල්ලේ සදහන්ය.

ප්‍රියමානප පෙනුමකින් යුතු රජරට සිනා සක්විති නමින් හදුන්වන්නා ජනාධිපතිතුමන් ආරක්ෂක ලේකම්වරයා චමල් රාජපපක්ෂ අමාත්‍යවරයා ඇතුළු ප්‍රභූන් සමග විවිධ අවස්ථාවලදී කිට්ටුව ලබාගත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහරිමින් ප්‍රභූන් සමග කිට්ටු සම්බන්දතාවයක් ඇති බව හා තමන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයෙකු හා ජාතික මැතිවරණයකට තරග කළ අයෙකු බව අගවමින් සිය මුදල් වංචාවන්ට රුකුල් ගෙන ඇති බව පැමිණිලිකරුවන් යොමුකර තිබෙන පැමිණිල්ලේ සදහන්වේ.

ජපානයෙන් ආනයන කරන සුඛෝපභෝගි මොටර් රථ වෙළද පොලොහි මිලට වඩා අඩුවෙන් ලබාදනෙ බව පවසමින් ව්‍යාපාරිකයන් සූක්ෂමව රවටා රුපියල් ලක්ෂ 50-80 අතර මුදල් ඔහු ලබාගන්නා බවත් ලොව සුපිරිතම රාජ්‍යක් වන ජපානයේ ඉහළ පෙලේ රැකියාවන් ලබාදිය හැකි බව පවසමින් රුපියල් ලක්ෂ 10-15 අතර මුදල් වංචාකර මොහු රැකියාවන් හෝ මෝටර් රථ මෙතෙක් ලබාදි නැති බව පැමිණිලිකරුවන් බව පැමිණිල්ලේ සදහන් කර තිබේ.

මොහුගේ වංචාවන්ට හසුවු වෛද්‍යවරයෙකු හා ව්‍යාපාරිකයෙකුට සුඛෝපභෝගි මෝටර් රථ ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ සියයකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් කොළඹ පිහිටි අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි මීට මාස කිහිපයකට ඉහතදි  ඉදිරිපත් කර ඇතත් එහි ප්‍රගතියන් සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව පැමිණිලිකරුවන් පැමිණිල්ලේ දන්වා තිබේ.

මෝටර් රථ රට රැකියා අපේක්ෂිත කාලයට නොලැබිමෙන් පසු ඒ පිළිබවදව විමසීමට අනුරාධපුර පුල්ලේයාර්හංදිය සාලියවත්ත පදිංචි හිනා සක්විත්තාගේ නිවසට මුදල් ඉල්ලා හිමිකරුවන් එහි ගියවිට සල්ලි දෙන්න විදියක් නෑ උසාවි දාගන්න යනුවෙන් පවසමින් තර්ජනය කරන බවත්  වංචාකරුගේ මුදල් වංචාවන්ට රුකුල් දෙන බිරිද හා ඥාති කාන්තාවක් ඔහුට නිවසේ පෙරලා ගෙන පහරදි රංගනයක නිරතවන බවත් පැමිණිලිකරුවන් ඉදිරිපත් කළ පැමිණිල්ලේ සදහන්වේ.

රුපියල් ලක්ෂ ගණනින් වංචාකරන මෙම පුද්ගලයා ලබාදුන් චෙක්පත් විවිධ ලියකියවිලි සමග වංචාවන්ට හසුවූවන් පොලිස්ථාන වලට පැමිණිලි ඉදිරිපත් කරත් පොලිසිය ඉතා සූක්ෂමව ඔහුගේ පෙර වැරදි හෝ අධිකරණයේ විභාග වන සෙසු නඩු සම්බන්ධයෙන් අධිකරණයට කිසිදු කරුණු ඉදිරිපත් නොකරමින් වංචාකළ රුපියල් ලක්ෂ ගණනක මුදල් සුළු මාසික වාරික වශයෙන් ගෙවීමට අධිකරණය හමුවේ පොරොන්දුවි  ඇප ලබාගෙන නැවත නැවත එම වංචාවන්ම සිදුකරනා බව පැමිණිල්ලේ සදහන්ව තිබේ.

සක්විත්තා සිදුකරනා වංචාවන් නිසා ඉතා දුක්මහන්සියෙන් මුදල් ඉපැයූ ව්‍යාපාරිකයන් රාජ්‍ය සේවකයින් ඇතුළු විශාල පිරිසක් දැඩි අසීරූ තිවට පත්වි සිටින බවත් මොහු සිදුකල වංචා රැසක් සම්බන්ධයෙන් තවමත් පොලිස්ථාන වලට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් නොවි ඇති බවට පැමිණිලිකරුවන් ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට ඉදිරිපත් කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන්ව තිබේ.

අනුරාධපුර මහේෂ් විජේසුරිය

Social Sharing
නවතම