මෙරටට පැමිණීමට නියමිතව තිබූ ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා දෙක ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. එනම් ඊයේ දින මෙරටට පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් නැව දිනකින් ප්‍රමාද වූ බවත් ඒ අනුව අද දිනයේ එය පැමිණෙනු ඇති බවත් බලශක්ති අමාත්‍ය විජේසේකර මහතා සඳහන් කළේය. එසේම මේ සති අන්තයට පෙර මෙරටට පැමිණීමට නියමිත තිබූ ඩීසල් නෞකාවද එළඹෙන 28 වනදා දක්වා ප්‍රමාද වනු ඇතැයි ද අමාත්‍යාංශය සඳහන් කරයි.
Read MoreDay: June 24, 2022
ජෙහාන් ඇතුළු තවත් තිදෙනෙකුට ඇප
පසුගිය දා අත් අඩංගුවට ගත් ගෝඨා ගෝ ගම අරගල භූමියේ ක්‍රියාකාරිකයන් පිරිසක් වූ ජෙහාන් අප්පුහාමි, ජගත් මනුවර්ණ,ධම්මික මුණසිංහ, එරංග ගුණසේකර යන අයට අද දින ඇප ලැබී ඇත. එසේම රතිඳු සේනාරත්න(රැට්ටා), ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමයන් තවදුරටත් ජූලි මස 1 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා ගෙන ඇත.
Read Moreරාජ්‍ය සේවකයන්ට ඉදිරියේදී පෞද්ගලික අංශයේ රැකියාවක්
රාජ්‍ය සේවකයින්ට විදේශ ගතවීමකින් තොරව මෙරටදීම පෞද්ගලික අංශයේ රැකියා සඳහා යොමුවීමට හැකි ද යන්න අධ්‍යනය කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ. එනම් වසර 5ක වැටුප් රහිත නිවාඩු මත රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශයේ හෝ වෙනත් රැකියාවක නියුක්ත වීම සඳහා අවසර දිය හැකි ද යන්න මෙම කමිටුවේ අරමුණයි. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා සති දෙකක් ඇතුළත එම වාර්තාව තමන්ට ලබාදෙන ලෙස උපදෙස් දුන් බවද එහි නිර්දේශ කඩිනමින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද අවධාරණය කර ඇත.
Read Moreඉන්ධන මිල අද සිට ඉහලට..?
ඉන්ධන මිල අද (24) සිට ඉහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 78 කින් ද, ඩීසල් වර්ග දෙකම ලීටරයක මිල රුපියල් 56 කින් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 65 කින් ද ඉහළ නැංවීමට සැලසුම් කර වාර්තා වේ. එසේම භූමිතෙල් ලීටරයක් රුපියල් 210ක් තරම් අධික ඉහළ යාමක් සිදුවෙනු ඇති බව එම ආරංචි මාර්ග වාර්තා කරයි.
Read Moreකළු කපුටා ඉස්සරහට “කහ පාට” වෙන්නත් පුළුවන්
සුසිල් ප්‍රේමජයන්ත ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් එළියට
සිය කණ්ඩායමේ සියලු ප්‍රතිපත්ති පාවාදෙමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා ආණ්ඩුවට එක්වී අධ්‍යාපන අමාත්‍ය ධූරය භාර ගැනීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව සිටින ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් ඉදිරියේදී පවත්වන කිසිදු දේශපාලන සාකච්ජාවකට සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාට නැවත ආරාධනා නොකිරීමට තීරණය කොට තිබේ. ඒ අනුව ඔහුට ඉදිරියේදී පැවැත්වෙන කිසිදු කටයුත්තක් දැනුම් නොදීමටද එම පිරිස තීන්දු කර ඇත. එසේම අනුර ප්‍රියදර්ශන මහතා හට මුදල් රාජ්‍ය ධූරය ලබා දීමට පියවර ගත්තද ඒ මහතා එය ප්‍රතික්ෂේප කර ඇත.
Read Moreඅල්ලස් කොමිසමෙන් ජොන්ස්ටන්ට චෝදනා
අල්ලස් කොමිසම විසින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා මත හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව,ජොන්ස්ටන් ප්‍රනාන්දු අදාළ විත්තිකරුවන්ට ජූලි මස 4 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.
Read Moreආර්ථික ඝාතකයන්ට නඩු
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සහ තවත් තිදෙනෙකු එක්ව, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති (ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කරමින්), හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන අය ඇතුළු දහතුන් දෙනෙකු නම් කර තිබේ. විනිවිදභාවයකින් සහ වගවීමකින් තොරව ඉහළ පෙළේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය හේතුවෙන් ශ්‍රී ලංකාව අද වැටී සිටින තත්වය සැලකිල්ලට ගෙන, පොදු ජනතාවගේ සුබසිද්ධිය උදෙසා…
Read More