ගොවියන්ට නොදෙන රසායනික පොහොර වතු හිමියන්ට!

Chemical and organic fertilizer crisis

රටපුරා ගොවියෝ පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරද්දී වැවිලිකාර සමාගම් වලට පොහොර ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ. “කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන තේවල ගුණාත්මක පහත වැටීමක් දක්නට ලැබීම සැලකිල්ලට ගෙන, ඇමෝනියා සල්ෆේට් ආනයනය කිරීමට රජය තීරණය කර තියෙනවා,” යයි  වැවිලි කර්මාන්ත ඇමැති රොමේෂ් පතිරණ  කැබිනට් තීරණ දැනුම් දෙමින්  පැවසීය. ලංකාවේ කෘෂිකර්මාන්තය සියයට සීයක් කාබනික කිරීමට අවශ්‍ය බව පවසමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පසු ගිය මැයි මාසයේ දී කෘෂි රසායන සඳහා සම්පුර්ණයෙන්ම තහනමක් පැනවීය. තේ වතු හිමියෝ  සහ අනෙකුත් ක්ෂේත්‍ර වල  ගොවීයෝ  ජනාධිපති  රාජපක්ෂගේ මෙම  ප්‍රතිපත්තිය නිසා ඇති වූයේ දැඩි කෝපයකි. කාබනික පොහොර හිඟකම…

Read More

වසංගතයෙන් සුරාබද්දට කෝටි ගණනින් පාඩුයි!

Excise department incurs losses due to Covid

රටේ පවතින කොවිඩ් වසංගත තත්වය නිසා  2021  වසර තුළ මේ වන විට පමණක් රුපියල් කෝටි 2700 ක  (බිලියන 27ක ) සුරාබදු ආදායමක් රජයට අහිමිව ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 160ක් වුවද පවතිත තත්වය  හමුවේ ඊට ළගා වීම අපහසු බවයි  සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ. අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ. ගුණසිරි ඒ බව අවධාරණය කර ඇත්තේ ඔක්තෝබර් 22 වැනි දින පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී (කෝපා කමිටුවේදී) ය. සුරාබදු දෙපාර්තමේන්තුවට අදාළව 2019 වර්ෂය සදහා වූ විගණාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබද විමසා බැලීම සදහා…

Read More

ගාමිණී වියන්ගොඩ මුහුදු වෙරළේ… – කේ. සංජීව

Gamini Viyangoda Translation Literature

ගාමිණී අයියාට සුබ උපන්දිනයක් කිව යුතු බවට උදැහැනැක්කේම මතක් කළේ සකර්බර් අයියා. ඉතිං කාලයක් ලියන්න ඕනෑ කියා සිතමින් හිටි ටිකක් ලියන්න කියලා හෙළකුරු අස්සට නැමෙනවා මෙන්න මෙහෙම. මතක ගඟුල ගලනවා. ගිය අවුරුද්ද, ඊට එපිට අවුරුද්ද වගේ මෑත අවුරුදු වල අද දවස උදාවෙන 12හේ කනිසම කියන්නේ හැපි බර්ත් ඩේ ටූ යූ කියලා සිංගල්මෝල්ට්මය හඬකින් ගැයෙන ගාමිණී_පත්මාමය රාත්‍රියක්. ඒත් මේ අවුරුද්ද ඊට වෙනස්. ගාමිණී අයියා මේ දවස්වල ඉන්නේ යුරෝපේ හින්දා මෙදා මල් පාර එහෙම නෑ. ඊයේ මල් පාර ළඟින් ‍යනකොට අපි මේ මල් පාර ගැන කතා කළා. ගාමිණී වියන්ගොඩ ‘හදට ළඟ අයියා…

Read More

උපන්බිමේ අතරමංවූවන්ගේ ඛේදවාචකය.

මාස ගණනාවකින් වැහි බිඳුවක පහස නොලැබූ කිළිනොච්වි බිම වතුර පිපාසාවෙන් පෙළෙමින් තිබුණි.මහපොළව සමඟ පොර බදන ජෝසප් ඉර මුදුන් වෙනු දැක උදලු කෙටියද රැගෙන සෙවනක් සොයන්නට වූවේය.ඉදහිට හමන ගිණියම් වූ සුළඟ ජෝසප් ගේ තෙහෙට්ටුව මකන්නට සමත් වූයේ නැත. යුද්ධය නිමාවී වසර තුනක් පමණ කල් ගත වූ කළ ජෝසප් දකුණු ඉන්දියාවේ සරණාගත කදවුරට සමු දුන්නේ නැවතත් තමන් උපන් රටට පැමිණෙන්ට වරම් ලැබීම පිළිබදව වූ අප්‍රමාණ සතුටකිනි. ලංකා ආණ්ඩුවෙන් සකස් කර දෙන ලද ගුවන් බලපත්‍රයෙන් කටුනායකට පැමිණි ජෝසප් තමන්ට හුරු පුරුදු නැවුම් සුළගින් පපුව පුරවා ගත්තේය. එදා නැවුම් බලාපොරොත්තු රැසක් සමඟ මෙරටට පැමිණි…

Read More

සිරිල් ගාමිණි පියතුමා CID යට .

siril gamini

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සාලේ මහතා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන්  ප්‍රකාශයක් ලබා ගැනීමට සිරිල් ගාමිණී පියතුමා  කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව   අද (28)  දින පැමිණෙන ලෙස දැනුම් දී ඇත. සිරිල් ගාමිණී පියතුමා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ගැන විමසීමටය. පාස්කු  ත්‍රස්ත ප්‍රහාරයට නායකත්වය ලබාදුන් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් වෙත, ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ විසින් මූල්‍යමය සහ වෙනත් අත්‍යවශ්‍ය සහය ලබාදුන්  බව, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ  පහුගියද 23 දින පැවති ජාත්‍යන්තර සංවාද මණ්ඩපයකට සහභාගි වෙමින් සිරිල් ගාමිණී පියනම විසින් ප්‍රකාශ කර තිබුනි. එහිදි පියතුමා වැඩිදුරටත් පවසා…

Read More