ළමා හිංසන ඉහළ යන හේතුව ගැන රංගවේදිනී නදී කම්මැල්ලවීර කථා කරයි.

nadee

මෙරට ළමා හිංසන ඉහළ යාමට දරුවන් හා වැඩිහිටි ප්‍රජාව අතර සංස්කෘතික පරතරය බෙහෙවින් බලපා ඇතැයි රංගවේදීනී නදී කම්මැල්ලවීර මහත්මිය පවසයි. වැඩිහිටියන්ට ගෞරව කළ යුතු බවත්, වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් පිළිගත යුතු බවටත් පවතින සංස්කෘතික මතය හේතුවෙන් දරුවන් නිරන්තරයෙන් ම වැඩිහිටියන්ගේ තාඩන පීඩන වලට ලක් වන බව මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවති සංවාදයකට එක්වෙමින් ඇය සඳහන් කළාය. නමුත් බොහෝ දියුණු රටවල පෙර පාසල් අවධියේ සිටම දරුවන්ට  තමන් ආරක්ෂා වීම පිළිබඳව අධ්‍යාපනය ලබාදෙන බවත් එය එම රටවල ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ අන්තර්ගත වී ඇති බවද ඇය සඳහන් කළාය. දරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දියුණු…

Read More

රට නැගීමට රජෙකු සොයන රාජ මිත්‍යාව – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

dr. ajith

අනේ කුහුඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ අපට නැත එන්නේ ඒ නිසාවෙනි අපි තැවෙන්නේ රජෙකු ලැබුනෝතින් කැවුම් කිරිබත් කන්ඤම් පෙරහැර කරන්ඤම් සාදු නාදෙන් ගිගුම් දෙන්ඤම් නුවර රජකම් කල ලංකාවේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පිටුවහල් කල පසු, එකල විසු කුංකුනාවේ හිමිනම කියූ කවියක් යැයි, මෙය පතලය. නන්දා මාලිනිය “පවන” ප්‍රසංගයේ ගැයූ ගීයක මුල් පද කිහිපය වූ නිසා, මෙම කවිය නැවත කරලියට පැමිණියේය. පසුගිය සමයේ මැතිවරණ වේදිකාවල මෙම කව ගිරවුන් මෙන් ගැයූ ඇතැම් “ලලනාවන්”, රට කිරීමට රජෙකු පැතීය. ඒ මෙම කව ලියු හිමිනම ගැන හෝ ලංකාව පාලනය කල රජවරුන්ගේ බහුතරයකින් රටට සෙතක් වීද…

Read More

දරුවන් ගැන ජාතිකළමාරක්ෂක අධිකාරියට දිනකට පැමිණිලි 30-60 ත් අතර!

National Child Protection Authority

ජාතික ළමාරක්ෂක අධිකාරියට ගත වූ මාස නවයට දරුවන් සම්බන්ධ පැමිණිලි 7958 ක් වාර්තා වී ඇති බවත් දිනකට පැමිණිලි 30 – 60 ත් අතර ලැබෙන බවත් ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීති බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ, නීතිඥ  සජීවනී අබේකෝන් මහත්මිය පවසයි. ළමා වැරදි සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කිරීම සඳහා ළමා හිමිකම් පිළිබඳ අධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් අධිකරණ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කොට ඇති බව දරුවන් සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කිරීම සඳහා ක්ෂේත්‍ර කිහිපයක් යටතේ උපමාන හා නිර් ණායක  සකස්  කොට ඇති බවත් ඇය සඳහන් කර සිටියි. ඒ අනුව ළමයෙකු වශයෙන් පිළිගන්නා වයස් සීමාව ජාත්‍යන්තර…

Read More