බන්ධනාගාර ගැටුමේ ස්වාධීන විමර්ශනයට විශ්‍රාමික විනිසුරුවරියක්!

sarojini kusala weerawardena

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරීම සහ රැඳවියන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම සදහා විශ්‍රාමික විනිසුරුවරියක වන සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය පත් කිරීමට තීරණය වී ඇත. ඒ  අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුලු අමාත්‍යාංශ ප්‍රධානීන් විසිනි. පහුගියදා පාර්ලිමේන්තුවේදි ඔහු පවසා තිබුණේ මෙම සිද්ධිය පිලිබඳ ස්වාධීන විමර්ශනයක් සිදු කරන බවය. ඒ අනුව එකී විමර්ශනය සඳහා විශ්‍රාමික විනිසුරුවරිය පත් කිරිමට සුදුසු බව යෝජනා වී ඇත. මීට පෙර ඇය, මහර බන්ධනාගාරයේ සිදු වූ ඝාතන සම්බන්ධයෙන් පත්කළ විමර්ශන කමිටුවේ සභාපතිවරිය ලෙසද…

Read More

ආණ්ඩුව කයිවාරු ගැහුවට ක්ෂුද්‍ර මුල්‍ය වලට සහනයක් නැහැ – නිරෝෂා ගුරුගේ

nirosha

රෑ එළි වෙනකොට බඩු මිල ඉහළ ගොස් ඇති බවත් ණය වාරික පවා ගෙවා ගැනීමට නොහැකිව සිටින ජනතාව අද රජය විසින් සෑම පැත්තකින්ම සිර කර ඇති බවත් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ නිරෝෂා ගුරුගේ මහත්මිය පවසයි. මුලු රටම ලොක්ඩවුන් එකක හිටියත් ලංකාවේ මුල්‍ය ආයතන වලට ගෙයින් ගෙට ගොස් මුදල් වාරික එකතු කිරීමට බලපත්‍ර ලැබී තිබෙන බවත් නමුත් මිනිසුන්ගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා වලට අවසර ලැබුණේ නැති බවද ඇය පවසයි. කොවිඩ් සහන ගැන ආණ්ඩුව මොන තරම් කයිවාරු ගැහුවත් ක්ෂුද්‍ර මුල්‍ය වලට කිසිදු සහනයක් ලැබී නොමැති බවත් විශේෂයෙන්ම වතු කම්කරු ජනතාව මේ ක්ෂුද්‍ර මුල්‍ය ණය උගුලේ…

Read More

ඩොලර් අර්බුදය ACL කේබල් සමාගමටත් බලපායි.

acl cables plc

ශ්‍රී ලංකාව මුහුණපා සිටින  විදේශ විනිමය අර්බුදය නිසා, අත්පිට මුදල් ලැබීමේ පදනම මත පමණක් මින් ඉදිරියට නිෂ්පාදන විකිණීමට තීරණය කර ඇති බව ලංකාවේ ප්‍රධානතම කේබල් සමාගමක්  ගනුදෙනුකරුවන් වෙත දැනුම් දී තිබේ. දේශීය බැංකු විසින් පනවා ඇති සීමා කිරීම් නිසා තමන්ට විදේශීය සැපයුම්කරුවන්ගෙන් ප්‍රමාණවත් තරම් අමුද්‍රව්‍ය ලබා ගැනීම දුෂ්කර වී ඇති බව පෙන්වා දෙන ACL කේබල් සමාගම අවධාරණය කරන්නේ එම හේතුවෙන් සමාගමට අමුද්‍රව්‍ය හිගයකට නුදුරේදීම මුහුණ දීමට සිදු වී ඇති බවයි. දැනට තමන් සතුව පවතින අමුද්‍රව්‍ය ඉදිරි මාස දෙකක කාලයට අදාල ඉල්ලුම සපුරා ලීමට තරම් වත් ප්‍රමාණවත් නොවන බව ACL කේබල්…

Read More

“අපිත් ණයයි. රටත් ණයයි” ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යසනය ගැන කතා

Microfinance Disaster in sri lanka

‘ අපිත් ණයයි රටත් ණයයි ‘  අයිතිය වෙබ් අඩවිය නිර්මානය කළ ප්‍රවුර්තිමය කෙටි වාර්තා චිත්‍රපටකි. එය ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය පිළිබඳව අයිතිය වෙබ් අඩවිය නිර්මානය කළ කෙටි වාර්තා චිත්‍රපට අතර තෙවැන්නයි. එම කෙටි චිත්‍රපටය තුළ මතුකරන අදහස් ලිපියක් ලෙස මෙලෙස පළකරමු. 100% සිට 220% දක්වා ණය පොලී අය කරනවා ප්‍රමාණවත් ඇපකර ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැතිකම හේතුවෙන් විධිමත් බැංකු හරහා තම මූල්‍ය පහසුකම සපයාගත නොහැකි දිළිඳු පුද්ගලයින් වෙත ණය පහසුකම් ඉදිරි කිරීමේ පහසුකම් සහ වෙනත් මූල්‍යමය පහසුකම් සැලසීම ක්ෂුද්‍ර මූල්‍ය, මයික්‍රෝ ෆිනෑන්ස් ලෙස CIAP එනම් දිළින්දන් හට සහයෝගීතාවය දැක්වීමේ උපදේශාත්මක සමූහය විසින්…

Read More

ගුරු වෘත්තීය සමිති නායකයෙකුට මරණ තර්ජන!

ponnathurei

මහජන ආරක්ෂාව බාර ඇමැති  සරත් වීරසේකර මහතා  විසින් ගුරු වර්ජනය ත්‍රස්තවාදී ක්‍රියාවකට සමාන කිරීමෙන් අනතුරුව ගුරු  වෘත්තීය සමිති නියමුවෙකුට මරණීය තර්ජන එල්ල වී තිබේ. මෙසේ මරණ තර්ජන එල්ල වී ඇත්තේ ලංකා ගුරු සංගමයේ නැගෙනහිර පළාත් සම්බන්ධිකාරක හා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පොන්නතුරෛ විජයරූපන් මහතාටය. සමාජ මාධ්‍ය මගින් තමන්ට එල්ල කර ඇති  මරණ තර්ජන ගැන  ඔහු මඩකලපුව පොලිසියට පැමිණිලි කර ඇත. “ඉන්දීය සාම සාධක හමුදාව මඩකලපුව දිස්ත්‍රිකයේ  හමුදා මෙහෙයුම් කළ 1989 වකවානුවේ දී මරා දැමුණු වෘත්තීය සමිති නායකයකු  වූ වන්නියසිංහම් ගැන මතක් කරලා `ෆේස් බුක් ෆ්‍රෙන්ඩ්ස්` කියලා එකකින් තමයි මේ තර්ජන එන්නේ“…

Read More