කුඩාඔය පොලීසිය පෝලියෝ රෝගියකුට පහර දෙයි!

Kuda Oya police assault a polio patient

සූදු පොලක් වැටලීමට ගිය කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් නිවසකට ගොස් අල්මාරියක තිබු මුදලක් රැගෙන යාම නිසා එම මුදල් හිමිකරු පොලීසියට ගොස් මුදල් ආපසු ඉල්ලූ විට ඔහුව හිංසාවට ලක් කිරීමේ සිද්ධියක් මොණරාගල ප්‍රදේශයෙන් වාර්තා විය. 2021/07/02 දින රාත්‍රියේ වෙහෙරයාය, ඇතිලිවැව ඩඩ්ලිව්.එම්.තිලිණ ධනුෂ්ක යන අය අංක. 2/97, වෙහෙරයාය ඉඩමේ වගාකර ඇති වට්ටක්කා වගාවට වතුර යෙදීමට ගොස් සිට ඇත. එදින රාත්‍රියේ ම කුඩාඔය පොලිස් ස්ථානයෙන් සිරිපුරගම සූදුපොළක් වැටලීමට පැමිණ ඇත. සූදුපොළ වැටලීමට එන බව දැනගත් සූදු පිටියේ සිටි පිරිස, තිලිණගේ නිවසට ගොස් සැඟව ඇත. ඒ වන විට නිවසේ සිට ඇත්තේ වයස අවුරුදු…

Read More

STF වෙඩි පහරින් සීදුවේ පුද්ගලයෙක් මරුට!

STF shooting kills man in Seeduwa

පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි තැබීමකින් මොටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (17) රාත්‍රියේ මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ සීදුව, කටාන පදිංචි ලලිත් වසන්ත පින්තු නැමැති 44 හැවිරිදි අයෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන අන්දමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් ඔවුන්ට ලද තොරතුරක් මත සැක කටයුතු විසෙල් වර්ගයේ මොටර් රථයක් පසුපස හඹා ගොස් ඇත. සීදුව, බේස්ලයින් ප්‍රදේශයේදී එකී මොටර් රථය නැවැත්වීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිය බලය පාවිච්චි කරමින් සිදු කළ වෙඩි තැබීමකදී මෝටර් රථය තුල සිටි පුද්ගලයෙකු ඉන් තුවාල…

Read More

කාලකණ්ණියෙක් ගැන – අජිත් පැරකුම් ජයසිංහ

කාලකණ්ණියෙක් ගැන - අජිත් පැරකුම් ජයසිංහ

ගුරුවරුන්ට නායකත්වය දෙන අය කාලකණ්ණින්ය කියලා කෙහෙලිය රඹුක්වැල්ල කිව්වනේ. ඔහු එහෙම කියනකොට අදහස් කළේ ජෝසප් ස්ටාලින්ව බව පැහැදිලියි. ජෝසප් ස්ටාලින් කාලකණ්ණියෙක්ද? කාලකණ්ණි කියන වචනෙ නිරුක්තිය සොයා බැලුවාම දකින්නට ලැබෙන්නේ එහි අරුත කණ් පෙති කළු පැහැයෙන් යුක්ත තැනැත්තා යන්න බවයි. එවැනි කණ් ඇත්තන් අවාසනාවන්තයන් යයි විශ්වාසයක් අතීතයේ තිබිණි. ඇතැමෙකු සිතන පරිදි කාලකණ්ණි නම් වචනයෙහි නිරුක්තිය කාලය කන්නා යන්න නොවේ. ජෝසප් ස්ටාලින් කාලකණ්ණියෙක්ද? ජෝසප් ස්ටාලින් කොළඹ, මෝදර, වරාය කම්කරු නායකයකු හා ලංකා කොමියුනිස්ට් පක්ය හෙවත් චීන පිලේ නායකයකු වූ බෙනඩික්ට් සහෝදරයාගේ පුතෙක්. මෝදර ඩිලාසාල් විදුහලේ අධ්‍යාපනය ලබා හාපිටිගම විද්‍යාපීඨයෙන් ප්‍රාථමික ගුරු පුහුණුව…

Read More

කුමන වේශයකින් ආවත් කොතලාවල පනත පරාජය කළ යුතුය! – අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

kotelawala defence university act Must be defeated

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය, සයිටම් ආයතනය සහ කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය යනු එකම වර්ගයේ ආයතන තුනක් නොව, වර්ග තුනක ආයතන තුනකි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය, පෞද්ගලික කියා කීවාට රජයට අයත් එකකි. එය අනෙක් වෛද්‍ය පීඨයන් ගෙන් වෙනස් වූයේ ඊට ඇතුළත් වීමට ගාස්තුවක් ගෙවීමට සිදුවීමත් එමෙන්ම කුසලතා අනුපිළිවෙලින් පිට පැන එයට සිසුන් බඳවා ගැනීමත් ය. එහිදී වඩාත් ම බැරෑරුම් ගැටලුව වූයේ එම වෛද්‍ය පීඨයෙන් ලබා දුන් අධ්‍යාපනයෙහි ගුණාත්මකභාවයට වඩා එමගින් සමාජ සාධාරණත්වය පිළිබඳ ගැටලු ඇති කරලීමය. සයිටම් ආයතනය යනු පෞද්ගලික ආයතනයකි. එනම් එය ව්‍යාපාරිකයකුට අයත් ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් ම පවත්වාගෙන ගිය…

Read More

(අ)සංස්කෘතික ලංකාවේ ඛේදවාචකයන්ගෙන් කෙළවර වන ඩේටින් සයිට් සංස්කෘතිය : 15 හැවිරිදි දැරිය අපයෝජනය

Dating websites child abuse in sri lanka

-නීතිඥ දුලාන් දසනායක- 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කොට අපයෝජනයට ලක් කිරීම මේ වන විට ලංකාවේ දැඩි ආන්දෝලනයකට ලක් වී ඇති අතර මාධ්‍ය අවකාශයන් එකී සිදුවීමේ ප්‍රවෘත්තීන්ගෙන් පිරී ඉතිරී යමින් තිබේ. මේ වන විට යම් ආකාරයකට අඩු වීමක් දක්නට ලැබුණද, පසුගිය සති කිහිපයේ මාධ්‍යයේ ඉහළම අවධානයක් දිනා ගත් ප්‍රවෘත්තිය මේ සිදුවීමයි. ඉතා කෙටි කාලයක් තුළදී පුද්ගලයින් ගණනාවක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ. ඒ සමගම මේ සිදු වීමට විවිධ පුද්ගලයන්ගේ නම් සම්බන්ධ කොට දූෂමාන ආරංචි රැසක්ද සමාජය පුරා පැතිරවීමටද ඇතැමුන් කටයුතු කරමින් තිබේ. ඒවා දේශපාලන කොන්ත්‍රාත්තු මෙන්ම පරීක්ෂණ නොමග…

Read More