“හිජාස් හිස්බුල්ලා” නඩුවේ සාක්කිකරුවන්ට CID බලපෑම්?

CID influences witnesses in Hijaz Hezbollah case

නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ නඩුවේ සාක්කිකරුවන් විය හැකි පුද්ගලයන්ට ඔහුට එරෙහිව සාක්කි ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලපෑම් කරන බව නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඊයේ (11) හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මියට දැනුම් දී ඇත. නීතිඥ චමින්ද අතුකෝරල මහතා මේ බව දැනුම් දී ඇත්තේ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව පුත්තලම මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව මෝසමක් මඟින් ඊයේ (11) කැඳවූ අවස්ථාවේදී ය. පුත්තලම මහාධිකරණයේ ගොනු කර ඇති මෙම නඩුව විභාග කෙරෙන්නේ  හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය ඉදිරියේය. ඊයේ දින මෝසමක් මඟින් නඩුව කැඳවූ අවස්ථාවේ නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා සහ…

Read More

අත්අඩංගුවේ සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම IGP ට ලියයි.

human rights commission police custody IGP Srilanka

කොරෝනා වසංගත තත්ත්වයක් තුල පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. පහුගිය ජුනි 02 දා මඩකලපුවේදී අත්අඩංගුවට ගත් චන්ද්‍රන් විදුෂන් (21) නැමැති තරුණයාට පොලිසිය පහර දුන් බවට ඔහුගේ ඥාතීන් පවසා සිටියි. නමුත් මරණ පරික්ෂණයේදී හෙලිව ඇත්තේ ඔහු අයිස් නැමැති මත්දුව්‍ය පැකට් 04 ක් ගිලිමෙන් සිදු වූ මරණයක් බවය. මෙම තීන්දුව විදුෂන්ගේ දෙමාපියන් පිළිගන්නේ නැත. මේ නිසා ඔවුන් යළිත් වරක් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ පුතුගේ දේහය ගොඩගෙන සාධාරණ පරික්ෂණයක් පවත්වන ලෙසටය. මේ අතර නිරෝධායන නීති කඩ කරමින් ඥාතී නිවසකට ගිය…

Read More

හිටපු ජනපති මෛත්‍රි වත්මන් ජනාධිපති ගැන කථා කරයි.

Organic fertilizer crisis Gotabaya Rajapaksa Maithripala Sirisena

අවුරුදු 30ක පමණ කාලසීමාවක් තුළ මෙරට සීග්‍රයෙන් ව්‍යාප්තවන වකුගඩු රෝගය පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය හා අනෙකුත් පර්යේෂකයන් වකුගඩු රෝගය වැළදීමට ප්‍රධාන හේතුවක් ලෙස කි රසායනික ද්‍රව්‍ය මේ සදහා බලපා හැකි බව අනාවරණය කර ඇති බවත් කාබනික පොහොර යෙදීම හා රසායනික පොහොර ඇතුළු කෘෂි රසායනික ද්‍රව්‍යවලින් අපේ ගොවිතැන මුදා ගැනීමට වර්තමාන ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රසංශාව පලකරණ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(11) පොලොන්නරුවේ සිය නිවසේ දී මාධ්‍ය හමුවක් පවත්වමිණි. එහි දි වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා චීන රජයෙන් තමන් ජනාධිපති සමයේ…

Read More

ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන් යොදාගනිමින් සිදු කරන පළිගැනීම් නවත්වන්න!- සිවිල් සංවිධාන රැසක් හඬ නඟයි.

Freedom of expression and the plague in sri lanka

හදිසි අවස්ථාවකදී වසංගතය පිළිබඳ උපරිම තොරතුරු සහ අදහස්,  මුද්‍රණ, විද්‍යුත් හා වෙබ් මාධ්‍ය හරහා ලබාගැනීමට ජනතාවට හැකිවිය යුතු අතර වෛද්‍ය නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, විචාරකයන්, පරිසරවේදීන් ප්‍රමුඛ කණ්ඩායම් විසින් විකල්ප අදහස් හා තොරතුරු සමාජගත කිරීම, ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කිරීම, විවේචනය කිරීම සහ ඊට අභියෝග කිරීම පිළිගත යුතු බවත් ඊට ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන් යොදාගනිමින් ඔවුන්ගෙන් පළිගැනීම් නොකළ යුතු බවත් සිවිල් සංවිධාන 54 ක් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් 72 කු විසින් කියා සිටියි. ඔවුන් මේ බව කියා ඇත්තේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ වසංගතය සමඟ කටයුතු කිරීමේදී අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා…

Read More