කොවිඩ් වසංගත සමයේ පුද්ගලයින්ට පොලිසියෙන් සිදුවන  ප්‍රහාර වල ඉහළ යාමක්!

police torture on people during the Covid pandemic sri lanka

නිවසින් එළියට ගිය පමණින්  පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නැති බවත් මන්ද මෙරට නීතිය අනුව ඔහු අපරාධයක් කර නොමැති නිසා බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්, නීතිඥ රමණි මුත්තෙට්ටුවේගම මහත්මිය පවසයි. වසංගතයක් කියු සැණින් ජනතාව කලබලයට පත් වන බවත් එවන් අවස්ථා  වලදී මානව හිමිකම් වලට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රහාර ඉතා දරුණු බව ඇය අවධාරණය කර සිටියි. වසංගතය පාලනය කිරීමට යැයි කියා බොහෝ විට මානව හිමිකම් සීමා කිරීමකට ලක් වන බවත් ඉන් වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ  ගමනා ගමනය සීමා කිරීම බවද ඇය පවසයි. ඇඳිරි නීතිය/ සංචරණ සීමා වලින් අවසානයේ සිදු…

Read More

ඉංග්‍රීසියෙන් ඉගැන්වීම සහ ඉංග්‍රීසි ඉගැන්වීම

Government attention to teaching in English medium from first grade

පාසැලේ පළමුවන ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බවට පුවතක් පළ වී තිබේ. මෙය ඇත්තක් නම් මේ කරන්නට හදන්නේ අධ්‍යාපනයේ මාධ්‍යය ලෙස මෙතෙක් පිළිගෙන තිබූ ස්වභාෂා අධ්‍යාපන ප්‍රතිපත්තිය අතහැර දැමීමය. ස්වභාෂා අධ්‍යාපනය කන්නංගර අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රධාන අංගයයි. එසේම මෙය ලෝකය පුරාම පිළිගත් වැදගත් අධ්‍යාපන මූලධර්මයකි. ස්වභාෂා අධ්‍යාපන මූලධර්මය යනු ජීවිත කාලය පුරා එකම භාෂාවක් ඉගෙන ගැනීම සහ එකම භාෂාවකින් ඉගැන්වීම නොවේ. අඩුම තරමින් ප්‍රාථමික අධ්‍යාපනය වත් දරුවාගේ මව් භාෂාවෙන් ලබා දීමය. අප රටේ අධ්‍යාපනයට අදාල සමාජ දර්ශක මේ තරම් හෝ යහපත් වූයේ ස්වභාෂා අධ්‍යාපනයට මුල්…

Read More

රාජ්‍ය ණය : ජපානය සහ ග්‍රීසිය අතර ඇති වෙනස සහ ශ්‍රී ලංකාවේ ස්ථාන ගත වීම

government debt in sri lanka harsha gunasena

ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය හැරුණු කොට ලොව බලවත්ම ආර්ථිකය ජපානය යි. එමෙන්ම වර්ෂ 2020 සඳහා රාජ්‍ය ණය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත හොත් ලෝකයේ ඉහළින්ම සිටින්නේ වෙනිසියුලාව වන අතර දෙවනියට සිටින්නේ ජපානයයි. එම ප්‍රතිශතය 266% කි. තුන්වෙනුව සිටින්නේ සුඩානය වන අතර හතරවෙනුව  සිටින්නේ ග්‍රීසිය යි. එරටට  අදාල ප්‍රතිශතය 206% කි. ශ්‍රී ලංකාව 23 වන ස්ථානයේ සිටියි. අදාල ප්‍රතිශතය 101% කි. ජපානය ශ්‍රී ලංකාවටත්  සංවර්ධන ණය දෙන දියුණු රාජ්‍යයකි. ග්‍රීසියද සංවර්ධනය වූ රටකි. එහි එක පුද්ගල අදායම (රටේ සමස්ත නිෂ්පාදනය රටේ ජනගහනයෙන් බෙදු විට ලැබෙන අගය) ලෝක බැංකු වාර්තා…

Read More