මාර්ග ආරක්ෂාව පිළිබදව “ජාතික සතියක්”

National Week on Road Safety analysis of road accidents in sri lanka

ශ්‍රී ලංකාවේ රිය අනතුරු වලින් සිදුවන මරණ ප්‍රමාණය ඉහල යාමත් සමග මාර්ග ආරක්ෂාව පිළිබදව ජාතික සතියක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. රජය පවසන පරිදි පසුගිය වසරේ මෙරටින් මාරක රිය අනතුරු 2023 ක් වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයන් 2114 දෙනෙකු මිය ගොස් තිබේ. වර්තමානයේ දිනකට රිය අනතුරුවලින් පුද්ගලයන් 8-10 අතර සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වන අතර, ඔවුන්ගෙන් බහුතර සංඛ්‍යාවක් පිරිමි වේ. ඒ හේතුවෙන් ඔවුන්ගෙන් යැපෙන්නන් ඉතා අසරණ තත්වයට පත් වන අතර වසරින් වසර එම සංඛ්‍යාව ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්න්ම් කරන බව රජය පවසයි. පසුගිය වසරේ වාර්තා වූ මාරක රිය…

Read More

විදේශිකයින් මෙරට නිරෝධායනය කිරීම අත්හිටුවයි!

Quarantine of foreigners suspended in Sri Lanka covid 19 guidelines

වෙනත් රට වල පුද්ගලයින් මෙරටට ගෙන්වාගෙන නිරෝධායනය කර නැවත පිටත් කර හැරීමේ ක්‍රියාවලියක් පවතින බව විපක්ෂය විසින් දැන් ටික දවසක සිට නඟන චෝදනාවකි. මෙයට ආසන්නතම සිදුවීම වුයේ පහුගිය අ‌ප්‍රේල් 27 දා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් නගන ලද චෝදනාවය. ඔහු කියා සිටියේ ඉන්දියානුවන් මෙරටට ගෙන්වාගෙන නිරෝධායනය කිරීමේ ව්‍යාපාරයක් පවතින බවය.  ඔහු ඊට අදාල තොරතුරු සඳහන් අත්පත්‍රිකාවක් ද මාධ්‍යට පෙන්වා සිටියේය. ඔහු චෝදනා කර සිටියේ කොරෝනාව ව්‍යාපාරයක් කර ගෙන ඇති බවටය. ඊට පසු දිනම ඔහුගේ මෙම ප්‍රකාශය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් තරයේ ප්‍රතික්ෂේප කරමින්…

Read More

බොදුබලයෙන් රිෂාඩ්ගේ බිරිඳට ලිපියක්!

Bodu Bala Sena rishad bathiudeen wife President Gotabaya

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන්ට  ආධාර අනුබල දුන්නා යැයි කියන චෝදනාව මත මේ වන විට සිටින්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේය. ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා පහුගිය දින කිහිපය පුරාම වව්නියාව, පුත්තලම, කොළඹ ආදී ප්‍රදේශ වල විරෝධතා රැසක්ද පැවැත්විණි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳ වන අයේෂා රිෂාඩ් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබුණි. ඒ් සිය සැමියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු දක්වමිනි. එහිදී ඇය විසින් සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ උන්වහන්සේගේ ක්‍රියාකාරකම්…

Read More

දේශීය ඖෂධ වට්ටෝරු ගැන අනතුරු ඇඟවීමක්!

Indigenous Ayurvedic Medicine ministry of indigenous medicine

කොරෝනා වසංගතය සදහා ගුණදායක බව පවසමින් අන්තර්ජාලය තුළ සංසරණය වන ඖෂධ වට්ටෝරු භාවිත නොකරන ලෙස දේශීය වෛද්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාතාංශය පවසන්නේ කොව්ඩ් 19 තුන්වැනි අවස්ථාවත් සමග ඇති වී තිබෙන රෝගී තතත්වයේ ව්‍යාප්තියේ වැඩිවීමත් සමග කොව්ඩ් 19 රෝගය සදහා ගුණදායක බව පවසමින් දේශීය වෙදකම තුළ භාවිත වන අමුද්‍රව්‍ය සහිත වට්ටෝරු පසුගිය අවස්ථා වලට වඩා සීඝ්‍රයෙන් මෙම අවස්ථාවේ විශාල වශයෙන් අන්තර්ජාලය තුළ සංසරණය වන බවයි. එවැනි ආගන්තුක ඖෂධ අත්හදා බැලීම සිදු නොකරන ලෙස අමාත්‍යාංශයේ ලේකම් කුමාරි…

Read More