ඒ කොවිඩ් මරණයක් නෙමේලු!

covid pandemic situation sri lanka ministry of health

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්‍යාව පිළිබඳව වසංගත රෝග විද්‍යා ඒකකය ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන පිළිගත නොහැකි බවට මේ වන විට සෞඛ්‍ය වෘත්තිය සමිති වලින් නගන එක් චෝදනාවකි. නමුත් කිසි දිනෙක ඔවුන් එයට ප්‍රති උත්තර හෝ පැහැදිලි කිරිමක්  ලබා දුන්නේ නැත. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, වෛද්‍ය සුදත් සමරවීර මහතා ඊයේ (03) අපූරු පැහැදිලි කිරිමක් කර ඇත. ඒ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබියදී පැහැදිලිවම පිළිකා, හෘදරෝග වැනි වෙනත් රෝගී තත්වයන් නිසා මියයන පුද්ගලයින්ගේ මරණ කොවිඩ් මරණ සංඛ්‍යාවට ඇතුළත් නොකරන බවය. නමුත් මෙහිදී හෘද රෝග හෝ…

Read More

කොවිෂිල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාවට මොකද වෙන්නේ?

oxford AstraZeneca covishield vaccine sri lanka Ministry Of Health

මේ පැතිර යන ගෝලීය වසංගතයට අවසන් විසඳුම එන්නත්කරණය බව බොහෝ දෙනා පවසයි. මෙරට ජනාධිපතිවරයාද එය පිළිගෙන ඇත. ඒ නිසා මේ වන විට විවිධ රට වලින් නිෂ්පාදනය කෙරෙන කොවිඩ් මර්දන එන්නත් දැන් ජනතාවට ලබා දෙමින් ඇත. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව හා අණුක විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කර ඇත්තේ කොරෝනා මර්ධන එන්නත් එක් මාත්‍රාවකින් මාස තුනකට රෝගය වැළඳීමේ ප්‍රවනතාව අඩු වන බවය. එසේම යම් ආකාරයකින් රෝගය වැළඳුනහොත් සංකූලතා මතුවීම අඩු බවත් පුද්ගලයකුට උපරිම ආරක්ෂාව ලැබෙන්නේ දෙවන මාත්‍රාව ලබාගැනීමෙන් පසුව බවත් ඇය සඳහන් කර සිටියි.…

Read More

කොවිඩ් නිසා උණුසුම් වූ අඟුණුකොළපැලැස්ස

Prisoners protest in prison Angunakolapelessa Prison

තෙවැනි කොවිඩ් රැල්ල ආරම්භයත් සමඟ මෙරට බන්ධනාගාර වල රැඳවියන් බැලීම සති දෙකකට තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි. මේ අතර ඉකුත් 27 දා වන විට පමණක් බන්ධනාගාර තුල කොවිඩ් ආසාදිතවුවන් 260 ක් සිටින බව මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. එසේම පහුගිය 02 දා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ගේ විරෝධතාවයක් පැවැත්විණි. ඒ කොවිඩ් ආසාදිතයින් අඟුණකොළපැලැස්ස බන්ධනාාගරයට රැගෙන එන බවත් ඒ නිසා ඔවුන්ටත් PCR පරීක්ෂණ කරන ලෙස ඉල්ලමිනි. ඒ අනුව අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය විසින් අගුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් 26 දෙනෙකුට ඇන්ටිජන් පරීක්ෂණ සිදු කොට තිබූ අතර ඉන් 18 දෙනෙකු කොවිඩ් ආසාධිතයින් බවට…

Read More

දැඩි සත්කාර ඒකක වල හෙද කාර්ය මණ්ඩලයේ හිඟයක්!

Shortage of nursing staff public service united nurses union

මෙරටින් ඊයේ  (03) දිනය තුළ කොවිඩ් රෝගීන් 1923ක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර තිබුණි.  මෙය මෙරටින් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ද වේ. එමෙන්ම දැනට ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 14758ක් කි. සක්‍රිය කොවිඩ් රෝගීන් මෙතරම් ප්‍රමාණයක් මෙරටින් වාර්තා වී ඇත්තේ ද පළමු වරටය. ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 113,676 ක් ලෙස සටහන් වේ. කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම නිසා රෝහල් කාර්ය මණ්ඩලද මේ වන විට පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටය. විශේෂයෙන්ම දැඩි සත්කාර ඒ්කක වල කටයුතු කරන කාර්ය මණ්ඩල වලට…

Read More

පරිසර ගැටලුව ගැන “රොමෑන්තික” අදහසක්! – සිනමාවේදී චින්තන ධර්මදාස

Read More

යහපාලන ආණ්ඩුව “විෂ ආහාර හතක” ප්‍රමිති පරීක්ෂණ වාර්ථාව සඟවලා!

Toxic Food Standards Report department of agriculture sri lankan government

ශ්‍රී ලංකාවේ වෙළද පොලේ ඇති ආහාර පන්සියකට ආසන්න ප්‍රමාණයක ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සිදුකළ සාම්පල පරික්ෂාවකදී කැඩ්මියම් ඇතුළු බැරලෝහ අන්තර්ගතවූ ආහාර හතක් සම්බන්ධයෙන් තහවුරුවී ඇතත් එම වාර්ථාව එළිදැක්වීම වසර තුනක් තිස්සේ සිදුවී නැති බව ජාතික විගනකාධිපති දෙපාර්තුමේන්තුව සිදුකළ විගණනයකින් තහවුරුවී තිබේ. ඉකුත් 2018 වසරේ දෙසැම්බර් මස 31 වනදා වනවිට සිදුකළ විගණන වාර්ථාවට අනුව අක්‍රමිකතා දූෂණ වංචා හා අයතා කටයුතු රැසක් සිදුවී ඇති බව තහවුරුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තුමේන්තුව විසින් පාර්ලිමේන්තු ගිණුම්කාරක සභාවටත් වාර්ථාවක් සපයා තිබෙන බව අනාවරණය විය. යහපාලන ආණ්ඩු සමයේ අනුරාධපුර පිහිටි ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනය…

Read More