නිදහස් සැමරුමට දින 15 ක් පාසල් දරුවන් කඳවුරු ගත කිරීම අවදානම්! – ලංකා ගුරු සංගමය

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැනි විශේෂ ආරක්ෂාවක් යටතේ සිටින පුද්ගලයින්ට පවා කොවිඩ් ආසාදනය වුයේ නම් පාසල් දරුවන් එකවර නිරාවරණය වීම බරපතල ගැටළු  සහගත තත්ත්වයක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා කියා සිටියි.

පාසල් ළමයි තුල කොවිඩ් ප්‍රවණතාවය වැඩි වීමක් දකින බවත් මේ  කියා සිටින්නේ පාසල් වහන්න කියාවත් අරින්න කියාවත් නොවන බවද ඒ මහතා කියා සිටින්නේ බස්නාහිර පළාතේ සාමාන්‍යපෙළ දරුවන්ට පාසල් ඇරීමේදී මේ සියලු දේවල් සැලකිල්ලට ගෙන දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ගැඹුරින් ක්‍රියා කළ යුතු බවය.

මේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පාසල් පද්ධතිය තුල කරගෙන යාමට නිසි වැඩපිලිවෙලක් සකස් විය යයුතු බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ පාසල් අරින්නේ නම් මේ ගැන වඩාත් අවධානය යොමු කළ යුතු බවය.

මේ වන විට ලංකාවේ දිස්ත්‍රික්ක 25 කොවිඩ් ව්‍යාප්ත වී ඇති හෙයින් පාසල් සම්බන්ධයෙන් විහේෂ සැලකිල්ලක් යොමු කිරීම අවැසි බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

මේ දරුවන්ට කිසිම රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවක් හෝ PCR පරීක්ෂාවක් නොකළ නිසා කිසිදු පාසල් දරුවෙකු පහුගිය කාලය තුල කොවිඩ් ආසාදිත බව හෙළි නොවුණු නමුත් නිදහස් උත්සවයට සහභාගී කරවන ළමයින් වෙනුවෙන් කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් දරුවන් කොවිඩ් ආසාදිත බව හෙළි වෙමින් ඇතැයිද ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි.

නිදහස් දින උත්සවයට පාසල් 152 කින් දරුවන් 300 ක් සහභාගී කරවීමට ආරක්ෂක ලෙක්ම්වරයා උපදෙස් ලබා දී ඇති අතර ඔවුන් 25 වෙනි දින සිට කොළඹ පාසල් වල කඳවුරු ගත විය යුතුව ඇතැයිද ඔහු කියා සිටියි. මෙලෙස දින 15 ක් දරුවන් කඳවුරු වල තබා ගැනීම ඔවුන්ගේ සෞඛ්‍යට අහිතකර බව කියා සිටින ඒ මහතා පවසන්නේ මේ නිසා ඉදිරියේදී හෝ පාසල් වල අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ කරන ලෙසටය.

Social Sharing
නවතම