රාජපක්ෂලා හැමදාම කළේ බලය එකතු කරන එක!

උපුල් නිශාන්ත

මාතර මහ නගරසභාවේ විපක්ෂ නායක

ජනාධිපතිවරයා මේ වන විට ජනාධිපති වී වසරක් ගත වී තිබෙනවා. ඔහු විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන තමා බලයට පත්වෙන්නේ, එනම් විශාල සිංහල ඡන්ද  සංඛ්‍යාවකින්. ඔහුගේ ප්‍රධාන තේමා පාඨය වූයේ විනය ගරුක රටක් හා කාර්යක්ෂම පාලනයක් සෑදීම කියන දේ, මේ අනුව ඔබතුමා ප්‍රාදේශීය පාලකයෙක් විදිහට වර්තමාන තත්ත්වය ගැන, ඒ වගේම මේ ප්‍රතිපත්ති ගමට ඒම ගැන මොනවද හිතෙන්නේ?

මේ පිළිබඳව කතා කිරීමේදී මම හිතනවා අපේ රටේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය හා විනය පිළිබඳ නිරවුල් අවබෝධයක් තිබ්බේ නැහැ. ඔවුන් විනය කියලා හඳුන්වන්නේ කෝටුවක් අතේ තබාගෙන තරවටු කිරීම නමුත් විනය කියන්නේ තමන් විසින්ම තමන්ගේ ජීවිතය කළමනාකරණය කරගෙන තමන් මෙහෙයවීම. පසුගිය යහපාලන ආණ්ඩුවට මෙය  සමාජයට කියා දීමට නොහැකි වුණා.

ඒ තුළින් ගෝඨාභය ජනාධිපති තුමාට අවස්ථාවක් ආවා විනයගරුක සමාජයක් හදන්න එය ඉතාම හොඳ ක්‍රියාවලියක්. නමුත් පසුගිය අවුරුද්ද දෙස හොඳින් බැලීමේදී ගැමි ජනතාවට තේරිලා තියෙනවා, මෙය පුස්සක් බව. විනය ගරුක ලංකාවක් තියා නීතියේ ආධිපත්‍ය පවත්වාගන්න බැරිවෙලා තිබෙනවා. නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කරන්න ආවට දැන් අපිට පේනවා ඒවා රැවටිලි කාර කතා විතරයි කියලා. මේ වෙනකොට නීතිය එක පාර්ශවයකට විතරක් සාධාරණව ක්‍රියාත්මක වෙන බවක් තමයි පේන්න තිබෙන්නේ. මේ සටන් පාඨ එක්ක ඔහු බොහෝ පොරොන්දු ජනතාවට දුන්නා. නමුත් ඒවා දැන් හුදු පොරොන්දුම විතරයි කියලා ජනතාවට තේරීලා.

විසිවන සංශෝධනය සම්මත කරගැනීමේ දී මේ රජය පැවසුවේ රට හදන්න තනි මනුස්සයෙක් අතට බලය දිය යුතු යුතුයි කියලා. ඒ අනුව මේ වෙද්දි ඔවුන්ට බලය ලැබිලා තියෙනවා..

තනි මනුස්සයෙක්ට බලය ඒකරාශී කිරීම අද ඊයෙක වූ දෙයක් නොවෙයි නෙවෙයි, රාජපක්ෂවරු දේශපාලන කරපින්නා ගෙන හැමදාම කරේ බලය තමන් වටා ඒකරාශී කරගැනීම. ඔවුන් ඒ සඳහා මහරජ ගැමුණු ආදී විවිධ කතා කිව්වා, මේ නිසා මිනිසුන් විශ්වාස කරා තනි පුද්ගලයෙකුට බලය හිමිවිය යුතුයි කියා . ඒ වගේම මිනිසුන් හිතුව අපිට දියුණු වෙන්න නම් තද පාලකයෙක් අවශ්‍යයි කියලා. සිංගප්පූරුව ගැන ලී ක්වාන් ගැන නිතරම කතා කළා. මේ සංවර්ධන මිත්‍යාවට මිනිස්සු ලේසියෙන් අහුවුණා. පොහොට්ටු දේශපාලනය මේක ශුක්ෂම විදිහට කළා. අන්තිමට මේ අදහස ජනමනසට කිදා බැස්සා. ඒක මේ ඡන්ද ප්‍රථිපල වලින් පේනවා.

මිනිස්සු බහුතර සිංහල බලයකින් ජනාධිපති කෙනෙක් හැදුවා විතරක් නෙවෙයි ඔහුට තුනෙන් දෙකට ආසන්න ජනවරමකින් පාර්ලිමේන්තුවක් ද හදලා දුන්නා. ජනතාව මෙහෙම බලය දුන්නේ වැඩ කරන්න. යහපත් ජීවීතයක් ලබා ගන්න. අන්තිමට සහල් මිල පාලනය කරගන්න බැරි ජනාධිපතිවරයෙක් තමයි ඔවුන්ට ලැබුණේ. මේ වනවිට සියලු දෙනාටම අවබෝධ වී තිබෙනවා බලාපොරොත්තු කිසිම දෙයක් ලැබී නොමැති බව. ඒ වගේම covid මරකොවිඩ් මර්දනය පහසුවෙන් කරගන්න පුළුවන් මහ නගර සභා ප්‍රාදේශීය සභා වලට බලය ලබාදීමෙන් නමුත් රජය බලය ඒකරාශී කරගෙන කරන මේ ක්‍රියාවලියෙන් තවත් මෙය සංකීර්ණ වී තිබෙනවා.

ලංකාව චීනයේ ණය උගුලකට හසුව ඉන්නවා කියන දේ අද අන්තර්ජාතිකවත් කතා වෙනවා. මේ තත්ත්වය තුළ චීන කොළනියක් බවට ලංකාව පත්වීම ගැන ඔබගේ අදහස..

මේ ගැන කතා කිරීමේ දී නම් කියන්න තිබෙන්නේ, වර්තමාන ආණ්ඩුව මේ වෙද්දී රට අවුල් ජාලයක පටලවලා තියෙනවා කියන එකයි. චීන ඉන්දියානු සහ ඇමරිකානු බල දේශපාලන ගැටුම අස්සේ අපි අන්ධව එහේ මෙහේ පාවෙන බවක් තමයි පෙනෙන්නේ. මේ තත්ත්වය අපි නිවැරදිව කළමනාකරණය කරගත්තේ නැතොත් අපි විශාල ණය උගුලක හිරවෙනවා විතරක් නෙවෙයි ඒවා ගෙවාගන්න බැරිව රට කෑලිවලට බෙදලා චීනය යට ඉන්දියාවට හිලව්වට දෙන්න වෙයි.

Social Sharing
නවතම සාකච්ඡා