69 ලක්ෂය ඉල්ලපු මිලිටරි කරණය ඕන්න ඇවිදින්… – චමීර පෙරේරා

මේ රටේ 69 ලක්ෂයක ජනතාව ඉල්ලා සිටියේ බෞද්ධ නායකයෙකු පමණක් නොව මිලිටරිකරණ ස්වරූපයෙන් ඉල්ලා සිටි නායකයා දැන් පැමිණ ඇති බව සිවිල් සමාජ ක්‍රියාකරුවෙකු වන චමීර පෙරේරා මහතා පවසයි.

ඔහු පැමිණ වසරක් ගතවන විට මිලිටරි ප්‍රධානීන් 28 ක් පත් කර ඇති බවත් කොවිඩ් මර්දන කටයුතු හමුදාවට ලබා දී ඇත්තේ මන්දැයි පාර්ලිමේන්තුවේදී විමසු විට ආණ්ඩුව පිලිතුරු දෙන්නේ හමුදාපති පමණයි පත් කර ඇත්තේ යනුවෙන් බවත් නමුත් මෙයට එක් කෙනෙක් පත් කළත් හොඳටම ප්‍රමාණවත් බවද ඔහු පවසයි.

හමුදාපතිවරයා නිකුත් කරන වාර්තාව කිසිවෙකු ප්‍රශ්න නොකරන බවත් එය මිලිටරිකරණය බවත් දැන් වසරක් ගතවෙනකොට ලංකාව පකිස් ලංකාවක් බවට පත්ව ඇතැද ඔහු චෝදනා කර සිටියි.

නිදසුනක් ලෙස දැන් නැගෙනහිර ජැටිය ලියන බවත් නමුත් එහි වරාය සභාපතිවරයා සමඟ ගැටෙන්න යා හැකිදැයි පෙන්වා දෙන ඔහු පවසන්නේ වසරක් යනවිට ස ෆේල්, ස ගේ ආණ්ඩුවත් ෆෙල්, ස ගේ අයවැයත් ෆේල් බවය.

ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ ශක්තිවන්තයා රැකගැනීමේ න්‍යාය මත බවත් පාර්ලිමේන්තුවත් බුල්ඩෝසර කරන්න යන්නේ නම් මේ රටේ සාමාන්‍ය ජනතාව ගැන  කවර කතාදැයි ඔහු විමසයි.

මේ යන්නේ පුලුවන්නම් බේරියන් යන නරුම වැඩපිලිවෙල බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

Social Sharing
නවතම